
(අමිල සම්පත් ශ්‍රී)
ප්‍රංශ ජාතික සංචාරකයන් රැගත් ජිප් රථයකට යාල වැල්මල්කෙම ප්‍රදේශයේදී නනදිමිත්‍ර ඇතාගේ ප්‍රහාරයක් හේතුවෙන් එම ජිප් රථයට දැඩි හානි සිදුව ඇතැයි යාල ජාතික උද්‍යාන නිලධාරීහු පවසති.
නන්දිමිත්‍ර හස්තියගේ ප්‍රහාරයත් සමග එහි ගමන් ගත් සංචාරකයන් මර හඬින් කෑ ගසා ඇති අතර එම ශබ්දය ඇසුණු වෙනත් සංචාරක ජිප් රථයක පිරිසක් මේ බව ජාතික උද්‍යාන නිලධාරින්ට දැනුම් දී ඇත.
කෙසේ වුවද එම පිරිසකගේ කෑ ගැසීම නිසා නන්දිමිත්‍ර හස්තියා කැලෑවට ගොස් ඇත.
වන සතුනට හිරිහැර නොවන අයුරින් සතුන් නරඹන්නේ නම් එම සතුන් කිසිවකුටත් හානි නොකරන බවත් ඔවුන් අසලට ගොස් කරන විවිධ ක්‍රියා කාරකම් නිසා මෙවැනි සිද්ධීන් වර්තාව වන බව ද යාල ජාතික වනෝද්‍යාන උද්‍යාන බාර මනෝජ් මහතා පැවැසීය.
කෙසේ වුවත මෙම ප්‍රහාරයෙන් ජිප් රථයට හානි වී ඇතත් සංචාරකයන් කිසිවකුට කිසිදු හානියක් වී නැතැයි ද වාර්තා වෙයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මා ලද අත්දැකීම් අනුව නම් අපේ වනෝද්‍යානවල සංචාරක සේවා සපයන රියදුරන් බොහෝදෙනෙකු කටයුතු කරන්නේ කිසිම වගකීමකින්, සංවරයකින් හෝ වනසතුන්ටත් ගහකොළටත් ගෞරවයකින් තොරව බව ඉතා කණගාටුවෙන් කිවයුතුව තියෙනවා. ලෝකයේ වෙනත් වන උයන්වල, විශේෂයෙන් අප්‍රිකාවේ, සංචාරය කර ඇති මා ඒවායේ මගපෙන්වන්නන් සහ රියදුරන් ක්‍රියාකරන ආකාරය දැක ඇති නිසයි මෙලෙස කියන්නේ. ඒ රටවල හැමදෙනාම කියන්නේ " වන සතුන් සහ ගහකොළ සහ ඒවා බලන්නට එන සංචාරකයින් නිසා තමයි අපි ජීවිකාව කරගන්නේ. ඒ නිසා ඔවුන් රැකගැනීම අපගේ යුතුකමක්." කියලයි. ඒ රටවල කිසිම අවස්ථාවක සතුන් නරඹන වෙලාවක වෙනත් කණ්ඩායමක මග ඇහිරීමක් වෙන්නේ නැහැ. හැමකෙනාම හැමදෙනාටම අවස්ථාව ලබාදීම ඔවුන්ගේ පුරුද්දයි. අපේ රටේ එක දිවියෙක් ඉන්නා තැනක වාහන 75ක් පමණ එකකට එකක් පරදවමින් මඟ අහුරවමින් සතා ඉවත්වන තුරුම පොරකමින් ශබ්ද කරමින් ගොඩගැහෙන අවස්ථා මා අනන්තවත් දැක තියෙනවා. සතුන් කිට්ටුවට යාමට මාර්ගයෙන් පිට වාහන ගෙනයනු මා දැක තියෙනවා. නීති රීති ඇතත් ඒවා පිළිපදින වගක් පෙනෙන්නට නැහැ. හරිම කණගාටුදායකයි.