
(විමුක්ති එස් රුද්‍රිගු)
විදේශයන්හි සේවය කරන ශ්‍රී ලාංකිකයන් මසක් තුළ මෙරටට ඒවා ඇති මුදල් ප්‍රමාණය 2021 අප්‍රේල් මාසයෙන් පසුව ප්‍රථම වතාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 500 සීමාව ඉක්මවා තිබේ.
මෙම වසරේ මාර්තු මස ඇමෙරිකානු ඩොලර් මිලියන 568.3 ක වටිනාකමින් යුත් මුදල් ප්‍රමාණයක් විදේශයන්හි සේවය කරන ශ්‍රී ලාංකිකයන් මෙරටට ඒවා ඇති අතර ඇමෙරිකානු ඩොලර් මිලියන 500 සීමාව පසු කරනු ලැබුවේ 2021 වසරේ අප්‍රේල් මාසයෙන් පසුව වීම විශේෂත්වයකි. පසුගිය වසරේ මාර්තු මාසයට සාපෙක්ෂව එය සියයට 78.5 ක වැඩි වීමකි.
එසේම මෙම වසරේ ජනවාරි සිට මාර්තු මස දක්වා කාලය තුළ විදේශයන්හි සේවය කරන ශ්‍රී ලාංකිකයන් මෙරටට ඒවා ඇති මුදල් ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 1000 ඉක්මවා ඇත.
මෙම වසරේ පළමු මාස තුන තුළ විදේශයන්හි සේවය කරන ශ්‍රී ලාංකිකයන් ඇමෙරිකානු ඩොලර් මිලියන 1413.2 ක වටිනාකමින් යුත් මුදල් ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට ඒවා තිබේ.එය පසුගිය වසරේ පළමු මාස තුනට සාපේක්ෂව එය සියයට 80.6 ක වැඩි වීමකි.පසුගිය වසරේ පළමු මාස තුන තුළ විදෙස් ගතවී සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ඒවා තිබුණේ ඇමෙරිකානු ඩොලර් මිලියන 782.5 ක් පමණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව ඇමැතිවරු දහයක් පත්කරලා V8 විස්සක් ගෙන්නලා දෙන්න...
දැන් ඉතින් එළොවටත් නැති, මෙලොවටත් නැති, ජෙප්පන්ගේ පිටිපස්සට පෙට්‍රල් ගහලා වගේ කලබල වෙලා... ගල්පැලෙන බොරු ගොතනවා ඇති...
මම කිවුවෙ බොරුද.. මේ කාලකන්නි ලාලාට මොකක් හරි අමාරුවක් හැදිලද
රටෙන් බාගයක් විතර විදේශ රැකියා හොයන ගියාට පස්සෙත් තවම් ඔච්ච්රද එන්නේ ? 2020 ට කලින් ඕක බිලියනකයට අසන්න ගානක් විදිහට තිබ්බේ ,ඊටපස්සේ කපුටයි මයිනයි කබ්‍රලයි එකතුවෙලා කළුකඩ කාරයොන්ට ඩොලර් ගන්න අවස්ථාවක් දුන්නේ නැත්නම් කොවිඩ් ඉවර වෙනකොටම ඕක යථා තත්වෙට පත්වෙලා
කොහොමත් තමන්ගෙ පව්ලෙ අයට අවුරුදු සමරන්න තමයි මිනිස්සු සල්ලි එවල තියෙන්නෙ. ඩොලර් රේට් එක කීය උනත් මෙ මාසෙ සල්ලි දානව. බොරුවට උදම් අනන්න එපා. මොන දේශපාලුව ආවත් වැඩක් නෑ. තමන් දුක් මහන්සි වෙලා හම්බ කරොත් තමන්ට. "ර්‍අට විරුවො" කියල බොරුවට බටර් පාරනම් ගානව ලස්සනට.