
(අංජුල මහික වීරරත්න)
විදේශ රැකියාවක නිරතවන ශ්‍රී ලාංකික ශ්‍රමිකයකුට රැකියාව අතරතුරදී සිදුවන මරණයක් සඳහා දෙන රක්ෂණ වන්දි මුදල රුපියල් ලක්ෂ 20 දක්වා ඉහළ නංවා ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා කීය.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විදෙස්ගත ශ්‍රමිකයින් වෙනුවෙන් විශාල වැඩකොටසක් කළ බව කී සභාපතිවරයා විදේශ රැකියා වංචනිකයින්ට හසුවූවන්ට රුපියල් මිලියන 234ක මුදලක් යළි අයකරදීමට හැකිවූ බව සඳහන් කළේය.
මේ වන විට කාර්යාංශ පනත යාවත්කාලීන කිරීමටත් අවශ්‍ය පියවර ගනිමින් පවතින බවද සභාපතිවරයා කීය.
මේ වසරේ අගෝස්තු වන විට ඇමරිකානු ඩොලර් බිලියන 5.1 ක ප්‍රේෂණ ප්‍රමාණයක් විදෙස්ගත ශ්‍රමිකයින් විසින් මෙරටට එවා තිබෙන බවද සභාපතිවරයා කීය.
ඔහු මේ බව කීවේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකදීය.
2025 දෙසැම්බර් මස 16
92
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
892
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
619
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
විදෙස් ශ්‍රමික මරණයකදී දෙන වන්දිය වැඩි කරයි
suga Thursday, 25 September 2025 09:00 AM
බලයට පත්වෙන්න කලින් රට ඉන්න අයට කිව්වෙ; වාහන permit දෙනවා, අඩුමුදලට ණය දෙනවා කියල. මැරුණම තමා දැන් දෙන්නෙ. රට ඉද්දි මැරෙන්නෙ කීයෙන් කීදෙනාද. ඉන්නකන් සතුටින් ඉන්න වැඩපිලිවෙලක් හදන්න.
User 7bV0n2 Thursday, 25 September 2025 11:38 AM
ලංකාවේ අම්මලා අරාබියේ ගෙවල් වල වලන් හෝදනවා , වයසට ගිහින් ලංකාවට එන්න උනාම penstion 1ක් නෑ ජීවත් වෙන්න ලෙඩ අසනීප , පුළුවනි කලේ හම්බ කරලා ලංකාවට එවල ගෙදර අය ගොඩ දානවා.ඒ මිනිස්සුන්ට යමක් කලේ නෑ කවූරුත් . රටින් එන්න කලින් නම් රු 22500 ක් ගන්නවා රක්ෂණය කියල, අවූරුදු 2කට පාරක් රු 4500 ගානේ ගෙවන්නත් ඕනේ , මෙදපෙරදිග දුක් විදින්න එන අයගෙන් සල්ලි අරන් නිලදාරීන් සැප විදිනවා
de silva Friday, 26 September 2025 07:33 AM
කොරෝන කාලේදී ලංකාවට නොහැකිවෙලා අතරමන් වී මියගිය විදේශ සේවා කර්යන්ශේ ලියපදින්චිවෙලා සිටි ශ්‍රමිකයන්ගෙන් යැපෙනන්ටත් මෙම වන්දිය ලැබෙනවද ?