
(අංජුල මහික වීරරත්න)
විදේශ රැකියාවක නිරතවන ශ්‍රී ලාංකික ශ්‍රමිකයකුට රැකියාව අතරතුරදී සිදුවන මරණයක් සඳහා දෙන රක්ෂණ වන්දි මුදල රුපියල් ලක්ෂ 20 දක්වා ඉහළ නංවා ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා කීය.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විදෙස්ගත ශ්‍රමිකයින් වෙනුවෙන් විශාල වැඩකොටසක් කළ බව කී සභාපතිවරයා විදේශ රැකියා වංචනිකයින්ට හසුවූවන්ට රුපියල් මිලියන 234ක මුදලක් යළි අයකරදීමට හැකිවූ බව සඳහන් කළේය.
මේ වන විට කාර්යාංශ පනත යාවත්කාලීන කිරීමටත් අවශ්‍ය පියවර ගනිමින් පවතින බවද සභාපතිවරයා කීය.
මේ වසරේ අගෝස්තු වන විට ඇමරිකානු ඩොලර් බිලියන 5.1 ක ප්‍රේෂණ ප්‍රමාණයක් විදෙස්ගත ශ්‍රමිකයින් විසින් මෙරටට එවා තිබෙන බවද සභාපතිවරයා කීය.
ඔහු මේ බව කීවේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකදීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලයට පත්වෙන්න කලින් රට ඉන්න අයට කිව්වෙ; වාහන permit දෙනවා, අඩුමුදලට ණය දෙනවා කියල. මැරුණම තමා දැන් දෙන්නෙ. රට ඉද්දි මැරෙන්නෙ කීයෙන් කීදෙනාද. ඉන්නකන් සතුටින් ඉන්න වැඩපිලිවෙලක් හදන්න.
ලංකාවේ අම්මලා අරාබියේ ගෙවල් වල වලන් හෝදනවා , වයසට ගිහින් ලංකාවට එන්න උනාම penstion 1ක් නෑ ජීවත් වෙන්න ලෙඩ අසනීප , පුළුවනි කලේ හම්බ කරලා ලංකාවට එවල ගෙදර අය ගොඩ දානවා.ඒ මිනිස්සුන්ට යමක් කලේ නෑ කවූරුත් . රටින් එන්න කලින් නම් රු 22500 ක් ගන්නවා රක්ෂණය කියල, අවූරුදු 2කට පාරක් රු 4500 ගානේ ගෙවන්නත් ඕනේ , මෙදපෙරදිග දුක් විදින්න එන අයගෙන් සල්ලි අරන් නිලදාරීන් සැප විදිනවා
කොරෝන කාලේදී ලංකාවට නොහැකිවෙලා අතරමන් වී මියගිය විදේශ සේවා කර්යන්ශේ ලියපදින්චිවෙලා සිටි ශ්‍රමිකයන්ගෙන් යැපෙනන්ටත් මෙම වන්දිය ලැබෙනවද ?