
(අංජුල මහික වීරරත්න)
ඉන්දියානු සාගර කලාපීය වටද්දර සංගමයේ (IORA) අමාත්‍ය මණ්ඩල රැස්වීමට සහභාගී වීම සඳහා දිවයිනට පැමිණ සිටින එක්සත් රාජධානියේ ඉන්දු-පැසිෆික් කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ඈන්-මාරී ට්‍රෙවෙලියන් මහත්මිය (Anne-Marie Trevelyan) සහ දකුණු අප්‍රිකාවේ විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය නලේඩි පැන්ඩෝර් මහත්මිය (Dr. Naledi Pandor) අද (10) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී සාකච්ඡා පැවැත්වූහ.
එක්සත් රාජධානියේ ඉන්දු-පැසිෆික් කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ඈන්-මාරී ට්‍රෙවෙලියන් මහත්මිය (Anne-Marie Trevelyan) පළමුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වූ අතර ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය ඇතුළු මාතෘකා රැසක් පිළිබඳ එහිදී සාකච්ඡාවට ලක් විය.
සත්‍ය හා ප්‍රතිසන්ධානය පිළිබඳ පනත් කෙටුම්පත, මාර්ගගත ආරක්ෂණය පිළිබඳ පනත් කෙටුම්පත සහ ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත ඇතුළු ප්‍රධාන නීති සම්පාදන කටයුතුවලදී ශ්‍රී ලංකාව අත්කරගෙන ඇති ප්‍රගතිය පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය.
ශ‍්‍රී ලංකාවේ පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කිරීමේ සැලසුම් පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී රාජ්‍ය අමාත්‍යවරිය දැනුවත් කළ අතර එක්සත් රාජධානියේ විශ්වවිද්‍යාල ද මේ සඳහා එක්වනු ඇතැයි තමා බලාපොරොත්තු වන බව ද පැවසීය.
අනතුරුව දකුණු අප්‍රිකාවේ විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය නලේඩි පැන්ඩෝර් මහත්මිය ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී සාකච්ඡා පැවැත්වූවාය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඊළඟට මට ඒ ගොල්ලෝ ආරාධනා කළයි කියලා ඒ රටවල්වලට කට්ටිය පිටින් සවාරිය යාවි. බදු ආදායම තියෙන්නේ ඒවාට කියලනේ හිතන් ඉන්නේ...!
අදහස් නම් එමටයි. ඒ රටවල්වල විශ්ව විද්‍යාල පවත්වා ගෙන යන්නේ පිටරටින් එන සිසුන්ගෙන් ලැබෙන මුදලින්... ඒ රටවල් ඒක නැතිකර ගත්තොත් විශ්ව විද්‍යාල අමාරුවේ වැටෙනවා. අනික ඒ විශ්ව විද්‍යාලවලට යන සිසුන් විශාල මුදලක් ගෙවලා එහෙ යන්නේ ඉගෙන ගැනීමට අමතරව කොහොම හරි ඒ රටවල්වල ස්ථිර පදිංචිය හදාගන්න බලාගෙන. ඒ දෙකම නැතිව අපේ රටට ඉගෙන ගන්න එනවා නම් එන්නේ අතළොස්සක්...