
( ටී.කේ.ජී.කපිල )
රුපියල් එක් කෝටි හැත්තෑ අට ලක්ෂ පනස් දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගීන් තිදෙනකු සමග ගුවන් තොටුපොළ පොලීසියේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
මොවුන් තිදෙනා අලුත්ගම , යටියන්තොට සහ මාවනැල්ල ප්‍රදේශ වල පදිංචි ව්‍යාපාරිකයන් තිදෙනෙකි .
ඔවුන් ඊයේ (25) දින අලුයම 01.00 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 648 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු තුළ " ප්ලැටිනම්'' වර්ගයේ දුම්වැටි 119,000 ක් අඩංගු දුම්වැටි කාටූන් 595 ක් සගවා ගෙන සිටියදී පොලිස් නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
මෙම අත් අඩංගුවට ගැනීම සහ මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු කටුනායක ගුවන් තොටුපොළ පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එල්මෝ මැල්කම් පේට් මහතාගේ උපදෙස් සහ අධීක්ෂණය යටතේ උප පොලිස් පරීක්ෂක චන්දන , පොලිස් කොස්තාපල් 77508 වීරකෝන් යන නිලධාරී මහත්වරුන් විසින් සිදු කර තිබුණි .
2025 දෙසැම්බර් මස 04
226
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
386
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
386
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
විදෙස් දුම්වැටි සමඟ තිදෙනකු ගුවන්තොටුපොළෙදී අල්ලයි