( නාලක සංජීව දහනායක)
මෙරට ව්‍යාපාරිකයන් විසින් විදේශයන්හි රඳවා තිබෙන මුදල් මෙරටට ගෙන්වා ගැනීම සඳහා ආයෝජන ප්‍රවර්ධන බදු විමුක්ති පැකේජය නමින් සහන පැකේජයක් හඳුන්වාදෙන බව ආයෝජන ප්‍රවර්ධන හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද (25) පැවසීය.
එම මුදල්, මුදල් අමාත්‍යංශය විසින් අනුමත කරන ව්‍යාපති සඳහා ආයෝජනය කිරීමට අවස්ථාව සළසා දෙන බවත් අමාත්‍යවරයා කීය.
එලෙස ආයෝජනය කරනු ලබන මුදල් සඳහා අතීතයට බලපාන ආකාරයට බදු පැනවීමක් සිදු නොකරන බවත් අනාගතය සඳහා වසර පහක කාලයක් බදු සහනයක් ලබාදෙන බවත් ඔහු කීය.
මේ හේතුවෙන් වසර දෙකක කාලයක් ඇතුළතදී ඇමරිකානු ඩොලර් බිලියන 8 - 10ත් අතර මුදලක් මෙරටට ලැබෙනු ඇතැයි තමන් විශ්වාස කරන බවද අමාත්‍යවරයා පැවැසීය.
කොළඹ, මල්පාරේ පිහිටි අගමැති කාර්යාලයේදී අද (25) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරුන්ට බදු සහන. ජයවේවා.
ලක්ශ පහට වැඩියෙන් ගිණුම්වලට එන කොට නවත්තලා අහනවනේ. ඉතින් කවුද සල්ලි ගෙන්නේ. ඉස්සර වෙලා ඒවගේ නීති අදට ගැලපෙන්න යාවත්කාලීන කරන්න ඕන. අඩුගානේ ලක්ශ 500ටවත් වැඩි කරන්න වරකට තියෙන ගණන. එතකොට පොඩි ගණන් ඔක්කොම ඒවි. සිංගප්පුරු සහ මලයාසියාව ආර්ථීක වශයෙන් ශක්තිමත් වුනේ රටට සල්ලි ඕන තරම් ඒ දවස් වල එන්න දුන්න නිසා.
මොනතරම් පම්පෝරි ගහගෙන ආවත් හැමෝම කරන්නේ ආව ගමන් කොළපත අතට ගන්න එකයි.
ඊට කලින් ලංකාවේ ඉන්න අපිට අර ඔහේගෙ 2500, පැකේජ් එක හදලා දෙනවද? ඒකයි ගියමාසේ 26ට කලින් ඔහේම කිව්වනේ ඩොලරය පාලනයට කරන විදිහ දන්නවා කියලා. අර වයිමා දාලා හරි කමක් නැහැ ඒකත් කරමුකෝ බලන්න. මේ එළවළුත් අඩුකරලා දාන්න හොඳේ..
දැන් මහින්දට සහ පවුලේ සැමට පිටරටවල තියන මුදල් ලංකාවට ගේන්න පුළුවන් බයනැතිව..
අපි ලණු කන්නේ නැහැ. විදේශවල සිට මෙච්චර හම්බකරලා එවන අපිට අද වෙනකන් මුකුත් ලැබිලා නැහැ. එ්නිසා අපි අපේ මුදල මෙම රටවලම ආයෝජනය කළා. අවශ්‍යමනම් $ 1/2 බිලියන එවන්නම්.
නීත්‍යානුකුල නොවන ආණ්ඩුවකට කවුරුත් සල්ලි දෙන්නේ නැත.
මහින්ද රාජපක්ෂලාගේ සල්ලි ගැනද කියන්නේ? නැතිනම් විදේශයේ වැඩකර දුක්විඳිමින් වෙහෙසෙන්නා වූ ජනතාවගේ මුදල් ගැනද මේ කතාකරන්නේ? බලයක් නැති ආණ්ඩුවක්, බලය තියෙනකොට සේරම අතගහගෙන ගියා. දැන් ජනතාව අකමැත්තෙන් බලය රැගෙන මුදල් ගෙන්වන ක්‍රම හොයනවා. අපි අපේ මුදල් එවන්නෙත් නැහැ. පුළුවන් ඉක්මණින් පවුලේ කට්ටියව අපි ළඟට හෝ විදේශයේ වෙනරටක ජීවත් කරවන්න. කාලකන්නි බලයට කෑදර තිරිසන්නු ජීවත්වෙන රටකයි අපි ඉන්නේ...
හොඳින් දන්නවනේ... කාගේ කාගේ මුදල්ද විදේශයන්ගේ තියෙන්නේ කියලා. තොත්ත බබා නොවී ඉස්සෙල්ලාම ඒ සල්ලි ගෙනෙන්න කියන්න. ඊට පස්සේ අනිකුත් අයට කියන්න. ආදර්ශය ඔක්කොටම වඩා ලොකුයිනේ...
රාජිත ඇමතිවෙලා සිටි කාලයේ කියපු දේ ඇත්ත කියලා නේද මෙයා මේ කියන්නේ...?
මුළු රටේම තිබුණු වත්කම් විදේශ රටවල හංගාගෙන දැන් පොඩි අයට විදින්නයි හදන්නේ. ඉස්සෙල්ලා බලෙන් තියෙන පිළිනොගත් ආණ්ඩුවෙන් ඉවත් වෙන්න මහත්වරු වගේ. ජනතාවට පව් නොදී.
මම දන්නවා මෙයා එන්න හදන පොට.
අනුගේ සල්ලි නොවෙයි තමන්ගේ සල්ලි ටික ඔක්කොම දේශපාලකයෝ ටික එකතු වෙලා ගෙන්වා ගන්න. ඊළඟට පුළුවන් නම් රටේ මිනිස්සුයි පිටරට ඉන්න ලාංකිකයනුයි දුක් මහන්සියෙන් හම්බු කල සල්ලි වලට විදින්න . ලැජ්ජාවක් නැති හැටි.
කාර් පර්මිට් දීපු රට විරුවන්ගෙන්ද අහන්නේ.....
ඔබතුමා ආර්ථික විද්‍යාව උගතෙක් නේද? බිලියන 30ක විදේශ ආයෝජන ආයෝජකයන් හකුලා ගත්තේ ඇයි? ඔබතුමා කියන ගොන් කතා ඇහුවම මට හොඳටම විශ්වාසයි තමුන්නාන්සෙට තේරෙන්නෙ නෑ ඒ ඇයි කියලා. වසර දෙකකදී බිලියන 8ත් 10ත් අතර මුදල් තැන්පතු බලාපොරොත්තු වේ. කොහොමද මේක ගණනය කලේ. මම ඉන්නෙ ඕස්ට්‍රෙලියාවෙ. රුපියල වල පල්ලට යන වේගෙ දැක්කම මම නම් හීනෙන් වත් හිතන්නෙ නෑ මගේ සල්ලි ඩොලර් වලින් තැන්පත් කරන්නවත් ලංකාවට එවන්න.
කෙලවෙලා දැන් පිටරටට වෙලා ණය ගෙවන්නෙත් රාජ්‍ය බැංකු ටිකේ සල්ලි වලින්. ටොපි කන මෝඩයෝ දැන් ලංකාවේ නැහැ..
දුකයි අප්පා..., ගත්ත ගමන් කිව්වෙ ඔන්න රුපියල ශක්තිමත් වෙනවා, ඩොලර් පිටරට තියාගෙන ඉන්නෙ නැතිව වහාම ලංකාවට එවන්න කියලා දැන් කියන්නෙ. ඩොලර් එවන්නලු. බදු සහන පැකේජ් එකක් දෙනවලු...
කොහෙන්ද මේවට හිනාවෙන්න ඕන බන්දුල මහත්තයෝ , මගේ රට ඉන්න දරුවෝ දෙන්නටම කියලා තියෙන්නේ එක ඩොලර් එකක් එවන්න එපා ලංකාවට කියලා, දැන් වසර ගණනාවක ඉදලා ඔවුන් අපේ වියදමට මුදල් එවන්නේ වෙනත් ක්‍රමයකින්.
රනිල් දන්නේ නැති නිසානේ එහෙම තිබෙන සල්ලි ගෙන්නවා ගන්න බැරිවුනේ... ඉතින් ඔබ දන්න නිසා රනිල්ට පෝස්ට්කාඩ් එකක් දාන්න සල්ලි ගෙන්වාදීමේ ජොබ් ඔබට භාරදෙන්න කියලා. මෙහෙමත් ටිකක් හිතන්න බැරිද... අහවලාට පිටරට සල්ලි තිබෙනවා නම් මේ වනවිට එයාව පට්ටගහලා ඔයගැන කියලා... නමුත් එහෙම වෙන්නේ නැහැනේ. මොකද රනිල් අහවලාට අදරේ නිසාද?
මමත් මෙබදු ගැහිල්ල නිසා පොලිය අඩු උනත් රියාල් වලින් සල්ලි එහෙම තිබ්බා. එජාපෙ නැති උන දවසක් ලංකාවට ගෙන්වනවා.