IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


විදේශිකයෝ වනාතවිල්ලුවේ රක්ෂිතයේ ඉඩම් එළි කරලා

(චන්දන හෙන්දුරුගොඩ)

වනාතවිල්ළුව වීරක්කොලීචොලේ රජයේ රක්ෂිතයේ අක්කර  600 එළි කරමින් සිටි  විදේශිකයන් දෙදෙනකු ඇතුළු 12  දෙදෙනකු අත් අඩංගුවට ගත් බව පුත්තලම අඩවි වන කාර්යාලය පවසයි.

වනාතවිල්ළුව ප්‍රාදේශීය ලේකම් මිලන්ග ප්‍රභාත් නන්දසේන මහතාට ලැබුණු තොරතුරක් මත ඒ මහතා  සංරක්ෂක දෙපාර්තුමේන්තුවේ වනාතවිල්ළුව වන ශ්‍රේෂ්ත්‍ර සහකාරවරුන් හා බීට්ටු වන නිළධාරින් හා වනාතවිල්ළුව පොලීසය එක්ව  මෙම වැටලීම සිදු කර ඇත.

මල්විල ප්‍රදේශයෙන් වීරක්කොලීචොලේ රජයේ රක්ෂිතයට ඇතුලත් වී ඇති අතර මෙම සැකකරුවන් එම ප්‍රදේශය එළිපෙහෙලි කරන විට මෙම වැටලීම සිදු කර ඇත.

සැකකරුවන් සතුව කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග ආමාත්‍යවරයා  විසින් ඉඩම් කොමසාරිල් ජනරාල් වෙත කෘෂිකර්ම ව්‍යපෘතියක් සදහා ඉඩම් ලබා දෙන ලෙසට කරණ ලද ඉල්ලීමක් සහිත ලිපියක් පමණක් තිබි නිළධාරින්ට ඉදිරිපත් කළ බව වැටලිමට එක් වූ නිලධාරීහු පැවැසූහ.

පුත්තලම අඩවි වන නිළධාරි අශෝක ප්‍රේමරත්න මහතා සදහන් කළේ පිරිස රැගෙන ගිය ටැක්ටර් රථය හා උපකරණ කිහිපයක් වන සංරක්ෂණ නිිලධාරින් බාරයට ගත් බවයි. 

මේ සම්බන්ධව අත් අඩංගුවට ගත් සැකකරුවන් අතර එම ප්‍රදේශයේ පුද්ගලයින් සිව් දෙනකු  හා කොළඹ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලයක ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිළධාරිවරයකු ඇතළු පිරිසක් සිටින බව වන සංරක්ෂක නිළධාරින් සදහන් කළේය.

අත් අඩංගුවට ගත් සැකකරුවන් සැකකරුවන් සියළු දෙනා වනාතවිල්ළුව පොලීසියේ රදවා ඇති අතර අද උදෑසන පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

 



අදහස් (7)

විදේශිකයෝ වනාතවිල්ලුවේ රක්ෂිතයේ ඉඩම් එළි කරලා

ප්‍රොමිස්...කා Saturday, 09 August 2025 10:28 AM

ඕවා කාපු බීපු වෙලාවට දෙන අනුමැති අනේ. ඉන්නකෝ මං හමින්බර්ඩ්ගෙන් අහන්න...

:       4       15

Lalla Saturday, 09 August 2025 10:53 AM

අක්කර හයසීයක් එලි කරන කම් නිදියාගෙන හිටිය වන නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගන්න ඕනෑ නේද?

:       1       48

sira Saturday, 09 August 2025 12:53 PM

විදේශියකයා කොයි රටෙන්ද කිව්වොත් කෙලින්ම කිව්ව හැකි මොකක්ද වෙන්නේ කියලා. පාකිස්තාන් ඉන්දියන් හම්බයින් ඇවිත් නිකන් මෙහෙ ඔක්කෝම අල්ලා ගන්නවා... දැන් ඔවුන්ට වීසා ඕනෙත් නැහැ.

:       0       15

Amarasiri Saturday, 09 August 2025 03:19 PM

අපි ඔය ගැන හැමදාමත්ම බලධාරීන්ව දැනුවත්කළා. දැන් අක්කර 600 ක් ? ඉස්රායල් බූවල්ලාට ලංකාව කෙළිබිමක් කරන්න ඉඩදෙන්න එපා. ලෝකයේ සිටින ජරාම ජාතිය වන ඉස්රායල් කාරයින් වහාම ලංකාවෙන් පිටමන් කලයුතුයි. නියපොත්තෙන් කඩන්න පුලුවන්දේ පොරොවෙන් කපන්න ඉඩතියන්න එපා....

:       1       19

Sara Saturday, 09 August 2025 04:09 PM

ඕන් ඕවාට තමයි අලි ටික මරන්නේ. මේවා ආණ්ඩුවේ ඇමැතිලත් එකතුවෙලා ගහන ගේම්. හොඳ හොඳ සෙල්ලම් ඉස්සරහට බලන්නකෝ...!

:       2       14

ගුණරත්න Saturday, 09 August 2025 04:10 PM

පුනරුදේ කියන්නේ මේවාට. විදේශිකයෝ ඇවිල්ලා ආණ්ඩුවේ නීති ගණන් ගන්නේ නැතිව වනාන්තර එළිකරනවා. රක්ෂිත වනාන්තර වල සත්තු මරාදමනවා... හමගහනවා. ඒත් කතාව නම් නීතිය සැමට...!

:       2       19

Ilandarideva Sunday, 10 August 2025 04:20 PM

පුදුම මිනිස්සු මේ විදේශිකයෝ අල්ලලා තියෙන්නේ? මේ විදේශිකයෝ කුමන රටේ විදේශිකයෝද, කියන එකත්, අනුර ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම් වගේ ජනතාවට හෙළි කරන්න තරම් අපහසු, ජනතා පරමාධිපත්‍යය උලාකන දේශපාළුවන් මෙන්ම එකට පෙළගැසී සිටින නිලධාරින්ද හෙළා දැකීම, අද අදම වහාම බුද්ධිමත් ජනතාව එක්ව කළයුතුව ඇත...!

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 790 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 584 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site