
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ රැකියාවල නිරතව සිටින සහ විදේශ රැකියා නිමකර ආපසු දිවයිනට පැමිණ සිටින විගමනික ශ්‍රමිකයින්ගේ දූ දරුවන් 232 කට ලක්‍ෂ 28 කට අධික වටිනාකමින් යුත් අධ්‍යාපන ශිෂ්‍යත්ව සහ පාසල් උපකරණ ප්‍රදානය කළේය.
කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ල සමනල ක්‍රීඩාංගනයේදී එම ප්‍රදානෝත්සවය පැවැත්විණි.
විගමනික ශ්‍රමිකයින්ගේ අධ්‍යාපනය හදාරන දරුදැරියන්ගේ අධ්‍යාපනය කටයුතු සඳහා උනන්දු කරවීමේ හා ඊට සවියක් වීමේ අරමුණින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සුබසාධන අංශය මඟින් ක්‍රියාත්මක කරන මෙම වැඩසටහන යටතේ 5 වසර ශිෂ්‍යත්වය සමත් දූදරුවන් 20 දෙනෙකුට රුපියල් 20,000 ක් බැඟින් ද, අ.පො.ස. සාමාන්‍ය පෙළ සමත් දූදරුවන් 66 දෙනෙකුට රුපියල් 25,000 ක් බැඟින් ද, අ.පො.ස. උසස් පෙළ සමත් දූදරුවන් 22 දෙනෙකුට රුපියල් 35,000 ක් බැඟින් ද, ශිෂ්‍යත්ව ප්‍රදානය කළේය.
විදේශ රැකියාවල නිරතව සිටින ආපසු නැවත මෙරටට පැමිණි විගමනික ශ්‍රමිකයින්ගේ දරුදැරියන් 92 කට රුපියල් 5000ක් වටිනාකමින් යුත් පාසල් උපකරණ ද මෙහිදී ප්‍රදානය කළේය.

2025 දෙසැම්බර් මස 18
264
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
183
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
990
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් දරුවන්ට ශිෂ්‍යත්ව
Sanath Monday, 17 October 2022 08:13 PM
2020 ශිෂ්‍යත්වය සමත්වුණු දරුවන්ට අදාල මුදල තවම මේ අය දුන්නේ නෑ.