(සුජිත් හේවාජුලිගේ)
විදේශ රැකියා වංචා සම්බන්ධයෙන් නීතිඥවරයෙක් සහ හිටපු නගරාධිපතිවරයකුගේ පුතෙක් විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
එංගලන්තයේ හා මෝල්ටාවේ සාත්තු සේවා ක්ෂේත්‍රයේ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචාකළ නීතීඥවරයෙක් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ, විශේෂ විමර්ශන අංශයේ පොලිස් ඒකකයේ නිලධාරීන් විසින් පසුගියදා අත්අඩංගුවට ගනු ලැබීය
සැකකරු මොරටුව ප්‍රදේශයේ බලපත්‍රලාභී විදේශ රැකියා ආයතනයක් පවත්වාගෙන ගොස් ඇත. එංගලන්තයේ හෝ මෝල්ටා රාජ්‍යයට රැකියා ලබාදීමට වලංගු රැකියා ඇණවුමක් ලබාගෙන නොමැති මේ වන විට එම රැකියා නියෝජිතායතනයේ බලපත්‍රයද කල් ඉකුත්වී තිබේ. සැකකරු කාර්යාංශ පනත උල්ලංඝණය කරමින් ඉහත රටවල රැකියා ලබාදීමට පුද්ගලයින් තිදෙනෙකුගෙන් රු.9,410,000.00 (රුපියල් අනූ හතර ලක්ෂ දස දහසක්) මුදලක් අයකර ඇති අතර, පොරොන්දු වූ පරිදි රැකියාව ලබානොදුන් හෙයින් එම මුදල් ලබාදුන් පුද්ගලයින් කාර්යාංශයට පැමිණිලි කර ඇත
එම පැමිණිලි විභාග කිරීම සඳහා අදාළ සැකකරු කාර්යාංශයට පැමිණි අවස්ථාවේදී විමර්ශන නිලධාරීන් විසින් ඔහු අත්අඩංගුවට අත්අඩංගුවට ගනු ලැබීය.,ඊයේ මොරටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදී ඔහු වරද පිළිගත් හෙයින් රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කරන ලද අතර, ජනවාරි 27 දින නඩුව යළි කැඳවීමට නියමිතයි.
මේ අතර, කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව ඩුබායි රාජ්‍යයේ රැකියා සඳහා යොමුකිරීමට තලවාකැලේ ප්‍රදේශයේ පදිංචි අයෙකුගෙන් රුපියල් ලක්ෂ 6ක මුදලක් ලබාගත්, ජාඇල, කළඑළිය ප්‍රදේශයේ පදිංචි හිටපු නගරාධිපතිවරයෙකුගේ පුතෙක් කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ පොලිස් ඒකකයේ නිළධාරීන් විසින් ඊයේ දින (10/15) අත්අඩංගුවට ගනු ලැබීය. කාර්යාංශයට ලද පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා ඔහුගේ නිවසට ගිය අවස්ථාවේදී දැඩි ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් සිට ඇති අතර, උපායදූතයින් මාර්ගයෙන් ඔහු සම්බන්ධ කරගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගනු ලැබීය.එහිදී සැකකරුගේ නිවසේ තිබී රැකියා අයදුම්පත්‍ර හා වීසා සම්බන්ධ ලේඛන රැසක්ද නිලධාරීන් භාරයට ගෙන ඇති අතර, සැකකරු අද (10/16) වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
විදේශ රැකියා වංචාවකට නීතිඥවරයෙක් -නගරාධිපතිවරයෙකුගේ පුතෙක් දැලේ
වින්සන්ට් කජ්ජා Thursday, 16 October 2025 02:45 PM
නීතිය වල් වැදී තිබුණු රටක කුණුගොඩවල් එලියට එනවා. අනිවාර්යයෙන්ම පොහොට්ටුවේ කොන් තියෙනවා. බයියෝ බැන්නත් කියන්න වෙනවා.
sepaThursday, 16 October 2025 03:23 PM
ඕකේ පොහොට්ටු නොවෙයි පරණ අලි සහ සජබේ අයයි රජ කරේ. මනුෂගේ ලේකම්ලා එහෙම වගේම ඉස්සර පරණ අලි ඕවාගේ වැඩ දුන්නේ මහ අයවත් නොදැන. අනික් දේවල් නිසා චාටර් වුණත් රන්ජන් රාමනායක තමයි ඉස්සෙල්ලාම ඕවා අස්සේ තියෙන ජරා වැඩ එලියට ඇද්දේ. ඒ නිසා තමයි මුලින්ම එක්සත් ජාතික පක්‍ෂ රජයකින්වත් ඔහුට විදේශ රැකියා පැත්ත නුදුන්නේ. තරහ කාරයෝ වැඩි නිසා.
Hafeel Thursday, 16 October 2025 02:51 PM
දැන් වන්නි යාවිද විදේශීය කාර්යංශයට?