(අජන්ත කුමාර අගලකඩ)
විදේශ ණය ගෙවීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 1600ක මුදලක් රාජ්‍ය බැංකු මගින් සංවර්ධන බැඳුම්කර වලින් ලබා ගැනීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.
ඒ සඳහා මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
ඉදිරි මාස හතරක කාලය තුළ රැස්වීම ඇති ඇමෙරිකා ඩොලර් බිලියනයක ණය ගෙවීම සඳහා මෙම මුදල සොයා ගනීමට නියමිතය.
ශ්‍රී ලංකාව විදේශ රටවලින් ණය ලබාගෙන ඇති ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර බොහෝමයක් මේ මාසයේදී කල්පිරීමට නියමිතව ඇත.
මුදල් අමාත්‍යාංශ වාර්තාවලට අනුව ගිය වසරේ මැද භාගය වනවිට ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 53ක් පමණ වන බව පැවැසේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බැඳුම්කර හරහා ණය ගෙවීමට මුදල් සොයනවා යයි කියන්නේ.. දැනට තියෙන ණය ආපසු ගෙවීම සඳහා, නැවතත් ණය ගන්නට යනවා කියන එකයි. මේ විදියට දැන් කෙරෙන්නේ ණය රෝල් කරමින් ආර්ථිකය ගෙන යාමයි.
"කාලකන්නි ගවයන් 225 ම" වියදම් සහමුලින්ම නතර කරලා දැම්මා නම් ඔය කියන ණය මුදල් ගෙවීම එතරම් ගැටළුවක් වෙන එකක් නැහැනේද? සරලම උදාහරණය ඔය එක පින්ගුත්තර ගවයෙක් කොහේ හරි මහජන බදු මුදල්වලින්ම හදපු දෙයක් විවෘත කරන්න යනකොට කීදෙනෙක් එක එක අායතනවල නිලධාරීන්, ආරක්ෂක නිලධාරීන් මහජන මුදලින් නඩත්තුව වාහන ඉන්ධන මොනතරම් මුදල් නාස්තියක්ද මේ ගවයින් 225 කරන්නේ?
නොගෙවා ඉන්න තියෙන්නේ. සින්න වෙන එකනේ වෙන්නේ
කකුළුවෝ නටන්නේ වතුර රත් වෙනකන් විතරයි.
මෙය හරියට තමන්ගේ ක්‍රෙඩිට් කාඩ් එකේ ශේෂය ගෙවීම සඳහා බැංකුවෙන් ණයක් ගන්නවා වැනියි. අප සියලු දෙනාම ණයට ජීවත් වෙන සංස්කෘතිය දැන් නැවැත්විය යුතුයි. ණය නොවී ජීවත් වීම එතරම් සුන්දර දෙයක් නොවන නමුත්, එසේ නොකොළොත් අනාගතයේදී අපට කියා රටක් ඉතුරු නොවනු ඇත.