
(අජන්ත කුමාර අගලකඩ)
ලංකා විදුලිබල මණ්ඩලය කලින් නොදන්වා ඇතැම් ප්‍රදේශවල විදුලිය කපන බව ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් පිරිසක් ඊයේ (07) පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පැමිණිලි කර ඇත .
මේ දිනවල අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන් මේ හේතුවෙන් දැඩි පීඩාවට පත්වන බවද එම මන්ත්‍රීවරුන් පෙන්වා දී ඇත.
විදුලිය කැපීමක් අවශ්‍ය වන්නේ නම් අඩුම තරමින් ඒ බව කල්තියා දැනුම් දී විදුලිය කපන්නේ නම් ,ඔවුන්ට ඒ සඳහා සූදානම් විය හැකි බවද එම මන්ත්‍රීවරුන් පෙන්වා දී ඇත.
එහිදී අදහස් දක්වා ඇති ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විදුලිය නොකපන ලෙස තමා අදාළ බලධාරීන්ට දැනුම් දී ඇතැයි සඳහන් කර ඇත .
මන්ත්‍රීවරුන් කර ඇති පැමිණිල්ල සම්බන්ධයෙන් තමා සොයා බලන බවද ජනාධිපතිවරයා පවසා ඇත.
මැති ඇමතිවරුන්ගේ පැමිණිලි සම්බන්ධයෙන් විදුලිබල ඇමතිවරයා යමක් ප්‍රකාශ නොකළද ,ඒ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කර ඇත්තේ විදුලිය ඉල්ලුමට සරිලන සැපයුම ලබා දිය නොහැකි අවස්ථාවල පද්ධතිය පවත්වාගෙන යාම සඳහා ඇතැම් ප්‍රදේශවල විදුලිය විසන්ධි කරනු ඇති බවය.
රටේම විදුලිය නොකපා යම් යම් ප්‍රදේශවල සුළු වේලාවකට විදුලිය කපා පද්ධතිය පවත්වාගෙන යාමට හැකි නම් එයද වැදගත් බව පවසා ඇති ගම්මන්පිල මහතා එයද කලින් දැනුම් දී කළ හැකි නම් වඩාත් වැදගත් වන බව සඳහන් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනාධිපති විදුලිය නොකපන ලෙස තමා අදාළ බලධාරීන්ට දැනුම් දීලත්, විදුලිය කපනවා නම්, ජනාධිපතිගේ උපදෙස්, නියෝග පුස්සක් බවට පත්වෙලා. ඉතින් මේකද ඉතුරු අවුරුදු තුන හොඳට කරන ලක්ෂණ..!
ජනාධිපති කිවුවට ,ඇමතියෝ කිවුවට ,බලාගාර දුවන්නේ ඉන්ධන වලින් නම් ,අවශ්‍ය තරමට ඉන්ධන නැත්නම් ,ඉබේම ජනකයන්ත්‍ර හිටිනවා කියලා වත් තේරෙන්නේ නැති ගොන් ඇමතියෝ.උන්ටම හරියන මොලේ කලඳක් නැති ජනාධිපතියෙකුයි ඉන්න රටක් මේක
දැන් සැපද?