IMG-LOGO

විදුලිය කපන්නේ කාලසටහනකට

(යොහාන් භාසුර)

විදුලි සැපයුම හදිසියේ විසන්ධි කිරීමට සිදුවුවහොත් එය කාලසටහනකට අනුව ක්‍රියාත්මක කරන බවත් එසේ වුවහොත් කොට්ඨාස හතක් හෝ අටක් ලෙස විදුලිය විසන්ධි කරන බවත් විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පැවසීය.

සමස්ත රටටම එකවර විදුලිය කප්පාදුවක් නොකරන බව ද විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා සඳහන් කළේය.

කෙසේ වෙතත් අද (19) පෙරවරුවේ ද දිවයිනේ ඇතැම් ප්‍රදේශවල විදුලි සැපයුම විසන්ධි වී තිබුණි.  



අදහස් (15)

විදුලිය කපන්නේ කාලසටහනකට

කිරි පුතා Wednesday, 19 January 2022 04:18 PM

කාල සටහන් ඇඳ ඇඳ ඉන්නේ නැතිව මේ ප්‍රශ්නය විසඳගන්න බලන එකයි හොඳ. විදුලිබල මණ්ඩලය ඇතුලේ ඉන්න තක්කඩින්ටත් මේක හොඳ වාසියක්...

:       7       33

fairoosWednesday, 19 January 2022 08:19 PM

සර් සහ නඩය ෆේල්... මේ ආණ්ඩුව ඉන්නකම් රටට අබ සරණයි පුතා...!!!

:       2       26

Gayan Wednesday, 19 January 2022 04:27 PM

ඒක හොඳයි..., එතකොට අපිට පුළුවන්නේ විදුලිය නැති වෙලාවට වෙන පළාතකට ගිහින් ඉඳලා එන්න. ටිකිරි මොලේ තරම තමයි.

:       1       26

sharm warn Wednesday, 19 January 2022 04:29 PM

නහින දෙහින කාලේ යන තැනකට පිනක් දහමක් කරගන්නේ නැතිව පව් පුරවා ගන්නවා. තණ්හාව ඉහවහා ගිය හැකි හොල්මන්... මේ වගේ අමනයින් එක්කද රටක් දියුණු කරන්න යන්නේ...?

:       1       34

මහසෙන් Wednesday, 19 January 2022 05:04 PM

ඔය කාලසටහන රෝල්කරලා ගහගන්නවා. අපිටත් අද 3 ඉඳලා පැය 2කට ආසන්න කාලයක් කරන්ට් නෑ. ඒකවත් හරියට කියනවලා. කෙබර ඇදබාන්නේ නැතුව. ගෙදරට වෙලා ඉන්න ඕන පප්පලා දාගෙන කරන දේ දන්නෙත් නෑ. කියන දේ වෙන්නෙත් නෑ...

:       1       39

GayanWednesday, 19 January 2022 05:22 PM

පුෂ්ප විකසිත වෙනවා නේද?

:       2       17

Hafeel Wednesday, 19 January 2022 05:53 PM

හොඳටම කරනවනේ. කවදා ඉඳන්ද ඉතුරු අවුරුදු තුන පටන් ගන්නේ?

:       3       25

සමන්ත Wednesday, 19 January 2022 06:07 PM

ඇයි මෙයාමනේ කිව්වේ විදුලිය කපන්නේම නෑ කියලා. ඇයි දැන් කපන්නේ? කොයි තරම් වෙස් බැන්දත් නටන්න වෙන්නේ එළියේ...

:       2       30

සමරේWednesday, 19 January 2022 08:15 PM

ජෙප්පන්ගේ බොරු කියලනේ කිව්වේ. මම ජෙප්පෙක් නෙවෙයි. පහුගිය කාලය වනතුරු පොහොට්ටුවෙන් රටට හොඳක් වෙයි කියලා හිතාගෙන හිටි කෙනෙක්. නමුත් මෙයත් ප්‍රධාන තැනැත්තෙක් වුණා පොහොට්ටුව ගැන කලකිරෙන්න. පස්සේ මතක් වුණේ මේ UNP ජාතික සේවක සංගමය රන් කරපු ලොක්කා නේද කියලා...

:       3       17

සමන්තThursday, 20 January 2022 01:39 AM

​ඔය මිනිහගේ අතීතය අපි ඔක්කොම දන්නවනේ. එහෙම මිනිස්සුන්ට නැවත දේශපාලන වාසි සඳහා කරලියට ගෙනාවේ, වගකීම් දුන්නේ රාජපක්ෂ හොර නඩේනේ. වැරදි කළ අයට යු.ඇන්.පීය තුළ නැවත නැගිටින්න බැරිවුණා. ඒ ඔක්කොම පොහොට්ටුවට පැන්නා. ජොන්ස්ටන්, මෛත්‍රී, මිලින්ද මොරගොඩ, ලොකුගේ, මහින්ද යාපා, එස්.බී, බැසිිල් ඔක්කොම ඒ වගේ. ඒකට යු.ඇන්.පී එක මොනවා කරන්නද?

:       0       0

sharm warnThursday, 20 January 2022 09:50 AM

ඔබේ අවංක කමත් අවබෝධයත් උසස් කොට සලකනවා .ඔහෝම යමු සහෝදරයා

:       0       1

de silva Wednesday, 19 January 2022 09:23 PM

දැන්වත් අපිව අමාරුවේ නොදමා මූල්‍ය අරමුදලට ගොස් පොහොර සහ ඉන්ධන වලට අවශ්‍ය මුදල්වත් ලබාගන්න. නැතිනම් තව මාස 2,3 කින් විශාල ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිදුවෙනවා.

:       0       0

රටවැසියා Wednesday, 19 January 2022 09:47 PM

අනේ එහෙනම් කමක් නැහැ. මොන දේ වුණත් පිළිවෙලට විදුලිය කපන නිසා කිසිම අවුලක් නැහැ. පිළිවෙලයිනේ..!

:       0       0

Sunil Thursday, 20 January 2022 06:53 AM

මේ රජයෙන් කාලසටහනක් අනුව, ක්‍රමානුකූලව කරන්න යන්නේ විදුලි කප්පාදුව විතරයි. එයවත් හරියට කරයිද යන්න සැක සහිතයි.

:       0       0

wimal Thursday, 20 January 2022 12:53 PM

හොර ගෙඩියා .කොච්චර දක්ෂයෙක්ද? අපි දන්නවා සර් ට වඩා හපන් ගෝලයෝ ටික කියලා. මතු උපදින බවයෙත් ඇමති කෙනෙක්ම වේවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 93 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 152 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1013 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site