(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ජාතික ආරක්ෂාව ගැන කතා කරන අවස්ථාවක විදුලිය විසන්ධි කර යම් කඩාකප්පල්කාරී ක්‍රියාවක් කළේ නම් ඊට එරෙහිව නිසි ක්‍රියාමාර්ග ගන්නා බව රාජ්‍ය ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද (3) පැවැසීය.
එවැනි ක්‍රියාවක් කළේ නම් එය අනුමත නොකරන බවද හෙතෙම සඳහන් කළේය.
ඔහු මෙසේ පැවසුවේ ආරක්ෂක අමාත්‍යාංශය ඇතුළු අමාත්‍යංශ කිහිපයක වැය ශීර්ෂ පිළිබඳ විවාදයේදී සමගි ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
මෙහිදී ප්‍රශ්නය මතු කළ රෝහණ බණ්ඩාර මහතා පැවසුවේ ජාතික ආරක්ෂාව ගැන කතා කරන අවස්ථාවක මුළු රටේම විදුලි බලය ඇනහිටීම එම ආරක්ෂාවට බරපතළ තර්ජනයක් බවයි.
ජලාශ වතුරෙන් පිරි ඇති අවස්ථාවක මෙලෙස විදුලිය ඇනහිටීම ප්‍රශ්නයක් බවද හෙතෙම සඳහන් කළේය.
සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මෙහිදී අදහස් දක්වමින් රටේම විදුලිය කප්පාදු කර ඇති අවස්ථාවක පාර්ලිමේන්තුව දුවන්නෙත් ජෙනරේටර එකෙන් බව ප්‍රකාශ කළේය.
ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නා බවද චමල් රාජපක්ෂ මහතා මෙහිදී සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ක්‍රියාමාර්ග ගන්නකොට වෙන්න ඕනෑ දේවල් වෙලා හමාරයි.
පාලකයින්ගේ හොඳකම... මෙයාලා කොහේද හරි විදියට හරි වැඩක් කෙරුවේ?
මේ වයසක උදවිය හැරෙන කොට පෙරහැර ගිහින් හමාරයි...
හොරකම් කරන, කොමිස් ගහන, විකුණන්න පුළුවන් හැමදේම විකුණන, උදවියට මොකද වෙන්නේ?