
(සුජිත් හේවාජුලිගේ )
ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන් සඳහා විවිධ කාර්ය මණ්ඩල දීමනා වශයෙන් රුපියල් කෝටි 367 ක මුදලක් 2020 සහ 21 වර්ෂවලදී අමාත්‍ය මණ්ඩල තීරණයට සහ කළමනාකරණ සේවා චක්‍රලේඛ විධිවිධානවලට පටහැනිව ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.
මේ අනුව රුපියල් කෝටි 154ක මුදලක් කාර්ය මණ්ඩල දීමනා වශයෙන් 2020 වර්ෂයේදීද රුපියල් කෝටි 213 ක මුදලක් කාර්ය මණ්ඩල දීමනා වශයෙන් 2021 වර්ෂයේදීද මෙලෙස නීතියට පටහැනිව ගෙවනු ලැබ ඇතැයි එහි දැක්වේ.
තවද විදුලිබල මණ්ඩලයේ සේවකයන් 323 දෙනකු සඳහා අමාත්‍ය මණ්ඩල සහ අධ්‍යක්ෂ මණ්ඩල තීරණවලට පටහැනිව ගෙවා තිබූ දීමනා ඔවුන්ගේ වැටුපෙන් සියයට 65 ඉක්මවා තිබූ බව ජාතික විගණන කාර්යාලය සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ නිකං අපිව අන්දන්න කරන වැඩ. කවදාවත් මෙවැනි වැරදි වලට දඩුවමක් දුන්නු බවක් අහල තියනවද?
පැරකුම් ඔබ නම් නියම සිංහල ශ්‍රී ලාංකිකයෙක්. දීන විදියට තමා තාමත් පුරුදු. නවතන්න ඕවැනි දීන සිතුවිලි. ධනාත්මක විදියට හිතන්න පුරුදු වෙන්න. විගනකාධිපති කාර්ය මණ්ඩලයට ජනතාවගේ ප්‍රණාමය. කාංචන ඇමතිතුමනි, ඔබ මෙතුවක් ගත් නිර්භීත තීරණවගේ මේ හෙළිදර්වෙදි ඔබතුමා ක්‍රියාකරන ආකාරය අප ජනතාව උනන්දුවෙන් බලා ඉන්නෙමු.
සේවකයො 2000 පමන ගෙවන වැටුපත් අනීතිකයි... නඩු තීන්දුවකින් තහනම් කල හොර වැටුපක් ලබන් අයම තමයි අනීතික දීමනා හොරපාරෙන් ගන්නෙත්... ඕක නවත්තන්න බෑ.... ආයතනයේ මුල් පුටුවෙ ඉදන් ඔය හොර නඩේම තමයි ආයතනය හූරගෙන කන්නෙ... දේශපාලකයොත් නොදන්නවා නෙවේ...