
(ඉන්දිකා රාමනායක සහ චමිල් රූපසිංහ)
පිළිමතළාව ප්‍රදේශයේ පෞද්ගලික කර්මාන්ත ශාලාවක විදුලි සෝපානය කඩා වැටිමෙන් තරුණියක මිය ගොස් තවත් තරුණියක තුවාල ලැබ ඇති බව කඩුගන්නාව පොලිසිය පවසයි.
මෙම අනතුරින් මියගොස් ඇත්තේ බලන දෙකිද පදිංචිකාරියක් වන අරේෂ ජයමාලි කුලරත්න (26) නැමති තරුණියකි.
ඉහළ මාලයේ සිට මෙම තරුණියන් දෙදෙනා භාණ්ඩ සමග මෙම විදුලි සෝපානයෙන් පහත මාලය දක්වා එන අතරතුර මෙම අනතුර සිදුවි තිබේ.
එම ආයතනයේ පිරිස් හා අසල්වැසියන් එකතුව අනතුරට පත් තරුණියන් දෙදෙනා පේරාදෙණිය රෝහලට ගෙන ගොස් ඇති අතර එහිදි එක් තරුණියක් මියගොස් ඇති බවත් තුවාල ලත් අනික් තරුණිය විසින් මේ සම්බන්දව පොලිසියට කටඋත්තරයක්ද ලබා දුන් බව පොලිසිය පැවැසිය.
තුවාල ලත් තරුණිය මේ වන විට පේරාදෙණිය රෝහලේ නේවාසිකව ප්‍රථිකාර ගන්නා බවද පොලිසිය පැවැසිය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක වැරැදි අර්ථ දැක්වීමක් වෙන්න පුළුවන්. මේක විදුලි සෝපානයක් නෙමෙයි කර්මාන්තශාලාවල භාණ්ඩ එහා මෙහා ගෙන යාමට භාවිතාකරන "භාණ්ඩ ගෙනයන සෝපානයක් " නැත්නම් ඉංග්‍රීසියෙන් මැටීරියල් හොයිස්ට් එකක්.. බොහෝ කර්මාන්ත ශාලාවල මේ වැරදි වැඩේ - එනම් මේකේ සේවකයන් ගෙනයාම කරනවා. මේ වගේ අවාසනාවන්ත දේවල් වෙන්නේ එතකොට... මොකද හුඟක් මේ වගේ ඒවායේ ආරක්ෂාව බිංදුවයි සෝපානයක් වගේ නෙමෙයි මේවා හරියට නඩත්තු වෙන්නෙත් නැහැ. කේබල් එක කඩලා ගියෝතින් කෙලින්ම බිමම තමයි හිතන්න... කිලෝ 60ක් විතර බර සාමාන්‍ය මනුස්සයෙක් කේබල් එක කැඩුණාම වැටෙන්නේ ගුරුත්වජ ත්වරණය යටතේ වැටුනේ මීටර 10ක් උඩකින් නම් අර මනුස්සයාට වෙන දේ හිතාගන්න 10 පන්තියේ ළමයෙකුටත් පුළුවන් (හරියට විද්‍යාව පාඩම් ඉගෙන ගන්න ළමයෙක් වෙන්නත් ඕනෑ !!!)
ආරක්ෂාව පිළිබඳව මේ ආයතන දක්වන්නේ අඩුම අඩු සැලකිල්ලක්.
කමෙන්ට්වලින් බණ කියන්න අය නම් බොහොමයි. හැබැයි එකෙක්වත් වගකිවයුතු අයට ඒ ගැන කියන්න ඉදිරිපත් වෙන්නේ නෑ..
ඔය සෝපාන තියෙන්නේ භාණ්ඩ ප්‍රවාහනයට පමණයි. මිනිසුන්ට ගමන් කිරීම තහනම්.