IMG-LOGO

විදුලි වැටක ගැටී දෙදරු පියා මරුට

( හිරාන් ප්‍රිකයංකර ජයසිංහ  සහ ජයරත්න වික්‍රමආරච්චි) 

කරුවලගස්වැව මුරියාකුලම ප්‍රදේශයේ යතුරු පැදියකින් ගමන් කරමින් සිටි දෙදරු පියකු අනවසර විදුලි අලි වැටක ගැටි මරණයට පත්ව සිටියදි අද ( 21) සොයා ගත් බව කරුවලගස්වැව පොලිසිය පවසයි.

මෙසේ මරණයට පත්ව සිටියේ මුරියාකුලම පදිංචි දෙදරු පියකු වු 36 හැවිරිදි උපුල් නුවන් කුමාර නැමති අයකු බව කියයි.

මෙම පුද්ගලයා විවිධ රැකියාවන් වල නිරත වන බවත් ඒ සමගම වි අලෙවි කිරිමේ තැරුව්කරුවකු ලෙසද කටයුතු කරන බවද  කියයි.

දෙදරු පියා කරුවලගස්වැව කොන්වැවට යතුරු පැදියකින් ගොස් ආපසු එමින් සිටියදී අනවසර නීති විරෝධි විදුලි අලි වැටේ ගැටි එම ස්ථානයේදිම මරණයට පත්ව සිටියදී ප්‍රදේශවාසින් දැක පොලිසිය දැනුවත් කිරීමේන් පසුව පුත්තලම මුලික රෝහලට ඇතුලත් කල බව කියයි.

ඒසේම මරණයට පත්වු පුද්ගලයා සන්තකයේ තිබි රුපියල් ලක්ෂයකට අධික මුදලක් සොයා ගත් බව පොලිසිය පවසයි.



අදහස් (0)

විදුලි වැටක ගැටී දෙදරු පියා මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 384 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 544 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 227 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site