IMG-LOGO

2025 අගෝස්තු මස 14 වන බ්‍රහස්පතින්දා


විදුලි රැහැනක පැටලී විදුලි සේවකයා මරුට

(කහවත්තේ තුෂාර හෙට්ටිආරච්චි )

පැල්මඩුල්ල පොලිස් බලප්‍රදේශයේ  බටලන්ද  සිංහපුර දී වල් ඌරන් සඳහා ඇද තිබු අනවසර විදුලි රැහනක හසුවී පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇතැයි පැල්මඩුල්ල පොලීසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ සිංහපුර ඊරියමුල්ල පදිංචි රම්පටි මනන්නලාගේ  පුන්සිරි පුෂ්පකුමාර නැමති තිස්නව හැවිරිදි තිදරු පියෙකු සහ ඊරියමුල්ල කට්ටඩිගේ දිනේෂ් මධුශංඛ නැමති තිස් එක් හැවිරිදි එක් දරු පියෙකි.

මියගිය දෙදෙනාගෙන් එක් අයෙකු ලංකා විදුලි බල මණ්ඩලයේ සේවකයෙකු වන අතර අනෙක් පුද්ගලයා බහුකාර්යය සංවර්ධන නිලධාරියෙකි.

මියගිය දෙදෙනා සහ තවත් පුද්ගලයින් දෙදෙනෙකු සමඟ ඊයේ  රාත්‍රී 10 .45 ට පමණ පතලයක් කැපීම සඳහා ඊරියමුල්ල කුඹුරට යන අතර වල් ඌරන් මැරීම සඳහා යොදා තිබූ අනවසර විදුලි රැහනකට හසු වී මෙම සිදුවීම සිදුව ඇතැයි පැල්මඩුල්ල පොලීසිය කියයි.

විදුලි රැහැනට හසුවී සිටි දෙදෙනා එදින රාත්‍රීයේ ම කහවත්ත මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර ඒ වන විටත් දෙදෙනා මිය ගොස් ඇති බව කහවත්ත මූලික රෝහලේ ප්‍රකාශකයෙකු පැවසීය.

 

 



අදහස් (1)

විදුලි රැහැනක පැටලී විදුලි සේවකයා මරුට

ravin Saturday, 12 February 2022 01:32 PM

ඒ දෙකම හොරකම් නේද? 10.45ට පතල් කපන්න යන්නේ දවල් කාලයේ කපන්න අවසර ලබාගන්නේ නැතිව... විදුලි රැහැන ඇද්දෙත් හොරෙන්...!

:       1       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 82 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 792 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 369 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site