(ක.ග.කරුණාරත්න)
පොලොන්නරුව,බැඳිවැව ප‍්‍රදේශයේදී විදුලි රැහැන් සහිත මාර්ගයක මංවර හෙළි පෙහෙලි කිරීමේ යෙදී සිටි පුද්ගලයකු විදුලිය සැර වැදී මරුමුවට පත්වී ඇතැයි පොලොන්නරුව පොලීසිය කියයි.
ඒ සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ විදුලිබල මණ්ඩලයේ කොන්ත‍්‍රාත්කරුවකු යටතේ සේවය කරමින් සිටි සේවකයකු වන මැදිරිගිරිය,මහඅඹගස්වැව,පුබුදුගම පදිංචි යූ.ජී.තරුෂ ධනංජය නැමැති 20 හැවිරිදි තරුණයෙකි.
එම පුද්ගලයා පොලොන්නරුව,බැඳිවැව කනත්ත ඉදිරිපිට පිහිටි විදුලි රැහැන් සහිත මාර්ගයේ මංවර හෙළිපෙහෙලා කිරීමට ගසක අතු කපමින් සිටියදී එම අත්ත විදුලිය රැහැන් පද්ධතිය මතට කඩා වැටී විදුලිය සැර වැදී ඇති බව පොලීසිය සිදුකල විමර්ශන වලදී අනාවරණයවී ඇතැයි පොලීසිය සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd