(යොහාන් භාසුර)
විදුලි ගාස්තුව ලබන අගෝස්තු මස මුල සිට ඉහළ දමන බවත් එහිදී දැනට පවතින විදුලි ගාස්තුව සියයට 69% කින් පමණ ඉහළ යාමට ඉඩ ඇති බවත් මහජන උපයෝගීතා කොමිසම සභාපති ජනක රත්නායක මහතා පැවසීය.
විදුලිබල මන්ඩලය සියයට 130 ක ගාස්තු ඉහළ දැමීමක් ඉල්ලා සිටියද පහළම විදුලි පාරිභෝගිකයන්ට සහන ලබාදෙමින්ගාස්තු ඉහළ දැමීම ක්‍රියාත්මක කරන බවත් රත්නායක මහතා වැඩිදුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාට ගණන් තේරෙන්නේ නැද්ද? දෙතුන්ගුණයකින් මිල ඉහළ යෑම කියන්නේ 69% කින් ඉහළ යෑමද?
විදුලි බල මණ්ඩලය නම් වූ කළු කුහරය. කාටවත් බෑ සුද්ද කරන්න. සදාකාලිකවම සුපුරුදු හොරකම්වල යෙදෙයි. ජනතාව ඒ බර අදින්න ඕන. කාට කියන්නද මේවා...?
විදුලි පාරිභෝගිකයින් මත බර පැටවීම නොකොට ලංකා විදුලි බල මණ්ඩලය තුළ පවතින දූෂණය, නාස්තිය සහ සේවක බදුමුදල් විදුලිබල මණ්ඩලය මගින් ගෙවීම් වැනි කටයුතු නතර කිරීමට පියවර ගනිමින්, මණ්ඩලයේ පවතින අධික පාඩුව මකා දැමීම කළ යුතුයි...