(යොහාන් භාසුර)

ලංකා විදුලිබල මණ්ඩලය අද (3) දිනයේ විදුලි කප්පාදු කිරීම සඳහා ඉල්ලීමක් කර නොමැති බව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා අද පස්වරුවේ ‘ලංකාදීප’යට පැවසීය.

අද දිනයේ විදුලි කප්පාදුවකින් තොරව පවත්වාගත හොත් ලබන සඳුදා දක්වා සාමාන්‍ය පරිදි විදුලි සැපයුම පවත්වාගෙන යා හැකි බව කී ජනක රත්නායක මහතා විදුලිබල මණ්ඩලයෙන් ඉල්ලීමක් ඇත්නම් පමණක් දිනයේ මෙගාවොට් අවශ්‍යතාව දැනුම් දෙන බව ද සඳහන් කළේය.