(යොහාන් භාසුර)

විදුලි කප්පාදුව පිළිබඳ තීරණය කිරීම දෛනිකව කළ නොහැකි කටයුත්තක් බවත් කප්පාදුව පිළිබඳ සැලසුම් සහගත තීරණයකට බලධාරීන් හැකි ඉක්මනින් මැදිහත්විය යුතු බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය.

විදුලි කප්පාදුව පිළිබඳව දෛනිකව දැනුවත් කිරීමට සිදුවීමෙන් ජනතාව අපහසුතාවට පත්වන බවත් විදුලි ගැටළුවට සාමූහික තීරණයකට පැමිණිය යුතු බවත් රත්නායක මහතා වැඩිදුරටත් කීය.