
(ඩයනා උදයංගනී)
විදුලි කප්පාදුව සිදුවන කාලය අඩුකරමින් වැසිකාලය දක්වා ක්‍රමයෙන් ඉදිරියට ගෙනයාමේ සැලැස්මක් විදුලිබල අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.
රට තුළ පවතින විදුලි අර්බුදය සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වූ බවත්, බ්‍රහස්පතින්දායින් පසුව ඛනිජතෙල් අර්බුදය නිමා කරන බවට බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා එහිදී සහතික වූ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
දැනට අක්‍රීයව ඇති ඇඹිලිපිටිය, සපුගස්කන්ද, මාතර බලාගාරවලට අවශ්‍ය ඉන්ධන කඩිනමින් ලබාදීමට ද එහිදී තීන්දුවක් ගත් බව ඇමතිවරයා කීවේය.
ඩලස් අලහප්පෙරුම මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (8) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.
ඉන්ධන ගෙන්වීම සඳහා මසකට ඩොලර් මිලියන 400ක් එනම් දිනකට ඩොලර් මිලියන 13ක් පමණ අවශ්‍ය වන බව කී ඇමතිවරයා එම ඉන්ධනවලින් සියයට 30ක් පමණ වැයවන්නේ විදුලි නිෂ්පාදනයට බව ද කීවේය.
රටේ ජනගහණයෙන් තුනෙන් එකකට පමණ විදුලිය ලැබෙන්නේ නොරොච්චෝලේ බලාගාරයෙන් වුවත් එයට ද බොහෝ දෙනකු විරුද්ධ වූ බව පෙන්වාදුන් ඇමතිවරයා හබරණ දක්වා සම්ප්‍රේෂණ මාර්ග පවා සකස් කළ සාම්පූර් බලාගාරය පසුව බලයට ආ රජය නවතාදැමූ බවත්, එවැනි දේ මෙම අර්බුදයට හේතු වූ බවත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් සාම්පූර් දැන් පටන්ගන්න පුලුවන් නේද.