(යොහාන් භාසුර)
විදුලිය අඩු පරිභෝජනයක් තිබූ ඊයේ (3) රාත්‍රී විදුලි කප්පාදුව කඩාකප්පල්කාරී ක්‍රියාවක් බවත් ඒ සම්බන්ධයෙන් වාහාම නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය.
අවසරකින් තොරව විදුලිය විසන්ධි කිරීම විදුලි පනතට සහ මහජන උපයෝගිතා පනතට විරුද්ධ ක්‍රියාවක් බව කී ජනක රත්නායක මහතා එම විදුලි කප්පාදුව පිළිබඳව විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරීවරයා හෝ දැනුවත් නොසිටි බව ද සඳහන් කළේය.
දත්ත අනුව විදුලිය පරිභෝජනය ඊයේ රාත්‍රී ඉතාමත් අඩු මට්ටක පැවැති නිසා විදුලිය කැපීමකින් තොරව සිටීමට අවස්ථාව තිබූ බවත් සභාපතිවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකක්ද මෙයා මේ කියන්නේ...? ඉල්ලුමට සපයන්න බැරි වුණාම බිඳ වැටෙනවා කියලා කියනවා විදුලිබල මණඩලයෙන්... මෙයාව මණ්ඩලේට දැම්මා නම් හරි... මේක මහ වදයක්නේ... කපනවා නම් වෙලාව කියලා කපලා දාන්නකෝ... විභාග වලට පාඩම් කරන ළමයින්ට අමාරුයි කියමුකෝ... ඊට හපන් ගෙවල්වල ඉඳලා වැඩකරන අපිට... කොයි වේලේ කරන්ට් එක කපනවද දන්නේ නැහැ. වෙලාවක් කියලා තිබ්බා නම්, අපිට මොකක් හරි කරගන්න පුළුවන්... මේක අර කොමිසමෙන් කපන්න ඕනෑ නැහැ කියනවා. ඇමැතියා කියනවා කපන්නේ නැතුව අමාරුවෙන් යනවා කියලා. විදුලිබල මණ්ඩලෙන් කපනවා. ඔක්කෝම එකතුවෙලා කපනවා නම් කපන වෙලාවක් කියන්නකෝ...!
කිසිම වැදගැම්මකට නැති ආයතනයක සභාපතිගෙන් තවත් පුස් වෙඩිල්ලක්... විදුලි බලය ගැන මොනවා දැනගෙනද මේ කතාකරන්නේ..? විදුලි ඉල්ලුම සහ සැපයුම ගැන කතා කරන්නට මොහු කවුද? පුළුවන් නම් අධිකරණ ක්‍රියාවලියකට යන්න බලන්න. ඔට්ටුයි බැහැ...
ලං.වී.ම. ඇතුලෙ ලොකු මාෆියාවක් ක්‍රියාත්මක වෙන වගක් පෙනෙනවා. හරියට හොයාගෙන අදාල පුද්ගලයින්ව දඬුවම් නොදුන්නොත් එයාලා මේ සෙල්ලම දිගටම කරයි.