(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
විද්‍යුත් පරිපථයක් ආශ්‍රයෙන් ක්‍රියාත්මක වන සේ සකසා තිබූ තුවක්කුවක් සමඟ රුවන්වැල්ල ප්‍රදේශයේදී පුද්ගලයකු අද(19) අත්අඩංගුවට ගත් බව හොරගොල්ල ජාතික වනෝද්‍යානයේ නිලධාරීහු පවසති.
අත්අඩංගුවට ගෙන ඇත්තේ රුවන්වැල්ල හුඹස්වලාන හේතුන්කන්ද ජනපදයේ පදිංචි 38 හැවිරිදි දෙදරු පියෙකි.
විද්‍යුත් පරිපථයකින් කි‍්‍රයාත්මක කරන තුවක්කුවක් හමුවූ පළමු අවස්ථාව මෙය බව වනජීවි නිලධාරීහු සඳහන් කළහ.
සැකකරු පදිංචි නිවස ආසන්නයේ කූඩු කර සිටි ඉත්තෑ පැටවෙකු, යකඩ බෝල 40ක් පමණ අඩංගු මල්ලක් , වෙඩි බෙහෙත් තොගයක්, අඳුන් දිවියකුගේ සමක්, ඉත්තෑ මස් තොගයක් ද නිලධාරීන් සිය බාරයට ගෙන ඇත.
සැකකරු හා නඩු බඩු සම්බන්ධයෙන් රුවන්වැල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර විශේෂඥ වාර්තා ලබාගෙන, සැකකරුට එරෙහිව චෝදනා පත්‍ර ඉදිරිපත් කිරීමට නියමිතය.
වන ජීවි නිලධාරීන් ලද තොරතුරක් අනුව, වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ බස්නාහිර පළාත් බාර සහකාර අධ්‍යක්ෂ නීතිඥ ලලිත් කුමාර මහතාගේ හා හොරගොල්ල ජාතික වනෝද්‍යාන භාරකරු ටී.ආර්. ප‍්‍රදීප් මහතාගේ උපදෙස් හා මග පෙන්වීම මත හොරගොල්ල ජාතික වනෝද්‍යානයේ අඩවි ආරක්ෂක ඩබ්ලියු. ඒ. ඒ. පී. විජේසිංහ මහතා ඇතුළු නිලධාරීහු සහ මහ ඉඹුල්කන්ද අභය භූමියේ නිලධාරීහු මෙම වැටලීම කළහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හදපු එක අල්ලලා හමුදාවේ යුද අවි නිපැයුම් අංශයට යොමු කරමු.
ලලිත්, ඔච්චරම හමුදාව පහල හෙලලා කතා කරන්න එපා , ඔය හදලා තියන එක මහා ලොකු දෙයක් නොවේ දැනුවත් වීම සදහා ලංකාව අත්සන්කරලා තියන එක්සත් ජාතීන්ගේ අවි පනත අනුව අපට අවි ආයුද නිපදවන්න තහනම්.
ලෝක වැඩකාරයෝ තමා අපිට ඉන්නේ පාර්ලිමේන්තුවේ හරක් 225 ට වඩා.