
(අංජුල මහික වීරරත්න)
විද්‍යුත් කාඩ්පත් මගින් බස් ගාස්තු ගෙවීමේ වැඩපිළිවෙළ ඉදිරි දින කිහිපයේදී සමීපව නිරීක්ෂණය කරන බව ප්‍රවාහන මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය.
එහිදී හඳුනා ගැනෙන ප්‍රබලතා සහ දුබලතා මත කාඩ්පත් ක්‍රමය තවදුරටත් සංවර්ධනය කිරීම රජයේ අපේක්ෂාව බවද අමාත්‍යවරයා කීය.
ප්‍රවාහන සේවය තවත් ශක්තිමත් කිරීමත්, විනිවිදභාවය මගීන් සහ කොන්දොස්තර මහත්වරුන් අතර තව දුරටත් තහවුරු කිරීමටත්, මගී පහසුව වෙනුවෙනුත් විද්‍යුත් කාඩ්පත් හරහා ගෙවීම් සිදු කිරීමේ වැඩසටහන මාකුඹුර බහුවිධ මධ්‍යස්ථානයේ දී අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (24)ආරම්භ විය.
එහිදී අමාත්‍යවරයා කියාසිටියේ බස් ගාස්තු විද්‍යුත් කාඩ්පත් හරහා ගෙවීම් කිරීමේදී මගීන්ගෙන් අමතර ගාස්තුවක් අය නොකෙරෙන බවයි. බැංකු ගාස්තුව ගෙවීම බස් හිමියන් වෙත පැවරේ.
ඒ අනුව බස්ගාස්තු කාඩ්පත් මගින් ගෙවීමෙන් මගීන්ට වැඩි මුදලක් වැයකිරීමට සිදු නොවන බව අමාත්‍යවරයා කීය.
නව ක්‍රමවේදයෙන් මගීන්ට අමතර මුදලක් වැය නොවන අතර, නියමිත ගාස්තුව පමණක් ගෙවීමේ හැකියාව ද ලැබේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රුපියල, දෙක නොදෙන කතා දැන්වත් නතර වෙයිද..? මේ ආණ්ඩුව සාමාන්‍ය ජනතාවට මොනවා හරි හොඳ දෙයක් කරන්න හදන එක ගැන සන්තෝෂයි.
රුපියල දෙක ඉතුරු ගන්න එකට වඩා වැදගත් දෙයක් තමයි කාඩ් පොකට් ගහන එක වලක්ව ගන්න එක. සල්ලි දීලා ටිකට් එකක් ගත්තොත් ගෙවන්නේ කොන්දොස්තරට ඒ ටිකට් එකේ මුදල හෝ ඊට ටිකක් වැඩියෙන්. නමුත් කාඩ් එක බැංකු ගිණුමට සම්බන්ධ කරලා තියෙන නිසා කාඩ් එකෙන් පුළුවන් ස්කෑන් කරලා කරන ගනුදෙනු සහ ඔන්ලයින් වීසා ගනුදෙනු කරන්න බැංකු ගිනුමේ සල්ලි වලින්. කාඩ් එක බස් එකේදි නැති උනොත් බැංකුවේ සල්ලි වලට දෙවියන්ගේම පිහිටයි. ඒ නිසා කරන්න ඕනේ වීසා කාඩ් වලින් ටිකට් ගන්න සලස්වන එක නෙවෙයි මේ සඳහා වෙනම පෙර ගෙවුම් කාඩ් පතක් හඳුන්වා දෙන එක. ඒක තමයි ලෝකේ භාවිතා වෙන ක්‍රමය.
ඕක නියමයි...
ඒකට වෙනම කාඩ් ගන්න ඕනැද, නැත්නම් අපේ තියන ක්‍රෙඩිට් කාඩ් පාවිච්චි කරන්න පුළුවන් ද? කලින් සැරේක බස්නාහිර පළාත් සභාව කාඩ් ක්‍රමයක් හඳුන්වා දුන්නා, ඒකෙ හැම ගෙවීමකින්ම කොටසක් දේශපාලන ලොක්කකුට යන විදිහට.