(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය උපාධිධාරිනියක ලියාපදිංචි කරන මෙන් දුන් අධිකරණ නියෝගයක් ක්‍රියාත්මක නොකිරීමෙන් අධිකරණයට අපහාසයක් සිදු කර ඇතැයි චෝදනා කරමින් ගොනුකර ඇති පෙත්සම සලකා බැලීම ලබන මස 21 වැනි දා තෙක් කල් තැබීමට අභියාචනාධිකරණය අද (23) තීන්දු කළේය.
තමන් වෛද්‍යවරියක ලෙස ලියාපදිංචි කරන්නැයි ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට අධිකරණයෙන් තීන්දුවක් දී තිබියදී එය ක්‍රියාත්මක නොකිරීමෙන් එම සභාව අධිකරණයට අපහාස කර ඇතැයි කියමින් මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය උපාධිධාරිනියක වන මල්ෂානි සූරියආරච්චි විසින් ඉදිරිපත් කරන ලද පෙත්සමක් අද අභියාචනාධිකරණය හමුවේ කැඳවූ අතර එහිදී පෙත්සම සලකා බැලීම මෙදිනට කල් තැබිණි.
මෙම පෙත්සම අභියාචනාධිකරණ විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා හමුවේ කැඳවිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුදුම වැඩක්නේ. වෛද්‍ය සභාව කියන්නේ දොස්තරවරුන් ගැන නියාමනය කරන රටේ ඉහලම ආයතනයයි. වෛද්‍ය සභාව කියනවා මෙයා තවදුරටත් ඉගෙන ගත යුතුයි, දොස්තර කෙනෙක් වෙන්න කියලා. උසාවිය කියනවා, නැහැ නැහැ දැන් ඇති මෙයාව වහාම දොස්තර කෙනෙක් ලෙස පත් කරන්න කියලා. උසාවියේ ඉන්නේ ලොකු දොස්තරලාද එහෙම කියන්න..? පුදුම රටක්.
වෛද්‍යවරයෙක්ගේ නොසැලකිල්ල නිසා මගේ බිරිඳ මියගිය බව පවසමින් දිව්රුම් ප්‍රකාශයක් මගින් මා වෛද්‍ය සභාවට කල පැමිනිල්ල වසර හතරක් තිස්සේ විභාග නොකර සිටින වෛද්‍ය සභාවට එරෙහිව මටත් නඩුමගට යන්න වෙයිද?