

විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයේ විශිෂ්ටයන් ඇගැයීමේ ජාතික සම්මාන උලෙළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.
රටේ සමාජ, ආර්ථීක දියුණුවට විද්‍යාව හා තාක්ෂණය උපයෝගී කරගනිමින් කැපවු විද්‍යාඥයන්, තාක්ෂණවේදීන් සහ ව්‍යවසායකයන් මෙහිදී ජාතික සම්මානයෙන් පිදුම් ලැබීය.
ජාතික විද්‍යා පදනම මෙම සම්මාන උලෙළ වාර්ෂිකව සංවිධානය කරයි.
2016 සහ 2018 වසරවලට අදාළව සුදුසුකම් සැපිරූ සම්මානලාභීන් වෙත ජාතික සම්මාන සහ කුසලතා සම්මාන පිරිනැමීම මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය.
ජාතික විද්‍යා පදනමේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ආනන්ද ජයවර්ධන මහතා විසින් සම්මාන උලළේ ප්‍රධාන දේශනය සිදු කරනු ලැබු අතර ජාතික විද්‍යා පදනමේ ප්‍රධානී මහාචාර්ය සිරිමලී ප්‍රනාන්දු මහත්මිය ඇතුළු සාමාජිකයන් මීට එක්ව සිටියහ.
(36698)
ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය
2025 ඔක්තෝබර් මස 08
1698
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1420
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
512
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
විද්‍යා - තාක්ෂණ ශ්‍රේණී විශිෂ්ඨයෝ සම්මානයෙන් පිදුම් ලබති