(සුමිත් පොතුපිටිය )
වාද්දුව, රතනසාර මාවතේ නිවසක අද (28) පස්වරුවේ හටගත් ගින්නකින් නිවස සහ එහි ගෘහ උපකරණ සියල්ල මුළුමනින්ම විනාශ වී ඇතැයි වාද්දුව පොලිසිය පවසයි .
කළුතර නගර සභාවේ ප්‍රධාන ගිනි නිලධාරී පී.ඒ.යූ.එස්. කුරේ ඇතුළු ගිනි භඨයින් දස දෙනෙකු රැගත් ගිනි නිවන රථ දෙකක් ස්ථානයට ලඟාවී , වාද්දූව පොලීසිය සහ ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව ගින්න මුළුමනින්ම නිවාදැමීමට කටයුතු කරන ලද නමුත් , ඒ වනවිට මුළු නිවසම ගිනිබත් වී තිබූ අතර , ගෘහ භාණ්ඩ සියල්ල ද මුළුමනින්ම පිලිස්සී තිබුණි.
වස්කඩුව විදුලි පෞද්ගලික සමාගමේ සේවකයින් පැමිණ ප්‍රදේශයේ ප්‍රධාන විදුලි සැපයුම් පද්ධතිය විසන්ධි කොට ගින්න පාලනය කිරීමට සහාය විය .
විශාල පිපුරුම් හඬක් සමඟ ගින්න හටගත් බව සිද්ධිය ඇසින් දුටුවන් පවසන අතර, නිවසේ ගෑස් සිලින්ඩරයටද හානි සිදුව තිබුණි.
අවට නිවාස වලට ගින්න පැතිරීම වැළැක්වීමට ප්‍රදේශවාසීන් ක්‍රියාකර තිබු අතර ගින්‌නෙන් ජීවිත හානි සිදුව නොමැති බව පොලිසිය පවසයි
ගින්නට හේතුව විදුලි කාන්දුවක්ද ගෑස් පිපිරීමක් ද යන්න නිල වශයෙන් මෙතෙක් අනාවරණය වී නොමැත.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
වාද්දුවේ නිවසක ගින්නක්