
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ධීවර ජනතාවගේ අයිතීන් සුරකින ලෙස ඉල්ලා සිටිමින් සමගි ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහතා අද කළු පැහැති ඇඳුම් ඇඳගෙන පාර්ලිමේන්තුවට පැමිණියේය.
"ධීවර කර්මාන්තයේ යෙදෙන ජනතාවගෙන් සියයට 50කට වඩා අද මහ පාරට බැස ඔවුන්ගේ අයිතීන් රැක ගැනීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය අසල, ධීවර අමාත්‍යාංශය අසල උද්ඝෝෂණ කරනවා.එම උද්ඝෝෂණ වලට සහාය දැක්වීම සඳහාත් සමස්ත ධීවර ජනතාවගේ අයිතීන් ලබා නොදීම සම්බන්ධයෙන් රජයට සහ ජනාධිපතිවරයාට විරෝධය පළකිරීමටත් සඳහා මම අද කළු වස්ත්‍රයක් ඇඳ පැමිණියා.ඒ විරෝධය පෑමට සහාය පළ කිරීම සඳහා අගමැතිතුමියත් අද කළු ඇඳගෙන පැමිණ තිබෙනවා.ඒකට මම එතුමියට ස්තුතිවන්ත වෙනවා.
බහු දින යාත්‍රා හිමියන් 7000ක් පමණ මේ කර්මාන්තයේ නිරත වී සිටිනවා.ජනපති බහු දින යාත්‍රා හිමියන් වෙනුවෙන් එදා වේදිකාවක් ගානේ ගිහින් ජනතාවට පොරොන්දු ලබා දුන්නා.ඩීසල් ලීටරේ රුපියල් 150ට ලබා දෙන බව කිව්වා. වරායෙන් ගොඩබාන විට ගහන බද්ද ඉවත් කරන බව කිව්වා.කාංචනගෙ සාක්කුවට යන කොමිස් ඉවත් කරන බව කිව්වා. අද වනතුරුත් ඒ සහනාධාරය නෑ" යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.
2025 නොවැම්බර් මස 21
134
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
221
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1072
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
වෙදආරච්චි කළු ඇඳගෙන පාර්ලිමේන්තුවට
Nipuna Wednesday, 26 November 2025 12:24 PM
කොහොමත් දැන් එන ප්‍රවෘත්ති වල හැටියට හම්බන්තොට පැත්තෙ ධීවරයො මාළු අල්ලනව කියල වෙන වෙන වැඩනෙ කරන්නෙ.
විදුරංග Wednesday, 26 November 2025 12:30 PM
මාරයි ඔයාගෙ වැඩ නම. දැන් ඉතින් සුවර් එකට දීවර ජනතාවගෙ සියලු ප්‍රෂ්ණ විසදෙනව අනිවාර්යෙන්ම. අනේ නිකං පලයං බං යන්න මොන්ටිසෝරි වැඩ නැතුව.
Rata Perata Wednesday, 26 November 2025 12:48 PM
මේකත් අර ගෙදර ඉදලා ආශීර්වාද කරන එකේ අනික් එක... කලු ඇන්දා කියලා ප්‍රශ්න විසදෙන්නේ නෑ. ඔය කලු ඇදුම මහන්න දීපු සල්ලි වලින් ධීවර පවුල් කීපයකට ආහාර මල්ලක්වත් ලබා දුන්නා නම් අගය කරන්න තිබුණා. යට ඇදුමත් කලුද දන්නේ නෑ නේද?
ලමය Wednesday, 26 November 2025 03:12 PM
මේකට මල් සාලාවකින් ගත්ත ඇදුමක් ඇන්දුව නම් පංකාදුයි
සිරිදාස Wednesday, 26 November 2025 03:17 PM
අමුඩයක් මේකට ගස්සන්න තිබුනෙ ,