(විනීතා එම් ගමගේ)
ඉකුත් සමයේ තාප්ප, බස්නැවතුම්, පාලම් කණු ඇතුළු ස්ථානවල වීදි සිතුවම් ඇඳි සිත්තරුන් අතරින් හොඳම සිතුවම් හා සිත්තරුන් තෝරා ත්‍යාග හා සම්මාන පිදීමේ වැඩපිළිවෙළක් පරිසර රාජ්‍ය අමාත්‍යංශය ආරම්භ කර ඇත.
මේ අනුව මුළු දිවයිනම ආවරණය වන පරිදි ප්‍රදේශීය ලේකම් කාර්යාල මට්ටමින්, දිස්ත්‍රික් මට්ටමින්, පළාත් මට්ටමින් හා ජාතික මට්ටමින් දක්ෂයින් තෝරා සම්මාන හා ත්‍යාග පිදිමට බලාපොරොත්තු වන බව පරිසර රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා එම අමාත්‍යංශයේ අද(05) පැවති මාධ්‍ය හමුවක දී පැවැසීය.
මේ සඳහා අයදුම්පත් මේ මස 10 වැනිදා සිට මධ්‍යම පරිසර අධිකාරියේ ප්‍රාදේශීය කාර්යාලවලින් නිකුත් කරන බවත් අයදුම්පත සමග උපදෙස් පත්‍රිකාවත් නිකුත් කරන බවත් හෙතෙම සඳහන් කළේය.
මේ අනුව හොඳම ස්වතන්ත්‍ර නිර්මාණය, හොඳම ස්වතන්ත්‍ර නිර්මාණ පෙළ, හොඳම සිතුවම් පෙළ,හොඳම සිතුවම, අපූර්වතම සිතුවම් පෙළ, අපූර්වතම සිතුවම, හොඳම තෙත්මාව යන අංශවලින් ප්‍රාදේශීය දිස්ත්‍රික් පළාත් හා ජාතික මට්ටමින් ජයග්‍රහකයින් තෝරන බවත් ජාතික කලා මණ්ඩලයේ චිත්‍ර අනු මණ්ඩලය විසින් හොඳම සිතුවම් තේරිම සිදුකරනු ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ චිත්රදිහා බැලුවම අපේ අය මොනතරම් නිර්මාණශීලි හැකියාවන් තියෙන දක්ෂ දරුවන්ද? සුබ පතනවා....
බදුල්ල බස් නැවතුම් පළට... ගොඩක් වැටෙනවා...
ලංකාවේ සුප්‍රසිද්ධ චිත්‍ර ශිල්පීන්ගේ නිර්මාණ ඔවුන්ගේ අවසරයක් ලබාගන්නේ නැතුව බොහෝ තැන්වල එම මුල් නිර්මාණයේ ඇති උසස් ප්‍රමිතිය විකෘති වන ආකාරයට ප්‍රති නිර්මාණය කිරීම ගැන එම ශිල්පීන්ගේ විරෝධය පැලුනා නේද?
මගේ තේරීම ."..mcc මකරා ගැන ඇඳපු යථාර්තවාදී සිතුවම් "වලටයි. එ්ත් අවාසනාවට රජයේ සිටින ඇමෙරිකන් ගැති බිය ගුල්ලන් ඒ සිතුවම් මකා දැම්මා... අමතක කරන්න එපා ඒ සිතුවම් මකා දැම්මත් ඒවා සදාකාලිකවම අපේ හදවත්වල ඇඳී තිබෙනවා. කවදාවත් කාටවත් මැකීමට නොහැකිවන ලෙස...
විශිෂ්ඨයි. අගය කළ යුතු දෑ අගය කළ යුතුමයි. පුරන් කුඹුරු අස්වද්දන තරුණ කැලටද ගරු සත්කාර ලැබෙත්වා... රටම ආකල්ප වශයෙන් වෙනස් විය යුතුයි. තරුණ කැල ඉතා ඉහළයි. රටටම සුබයි. තෙරුවන් සරණයි...!!
විජිත්, ඒ ඔයා කියන සිතුවම් මකන්න කලින් මම සම්පුර්ණයෙන්ම වීඩියෝ කරගත්තා. ඒ සිතුවම් වලින් කියන්නේ එම්සිසි ගිවිසුම ගහපු අනිත් රටවල් වලට වුන විනාශය... නමුත් නරුමයින් කිහිප දෙනෙක් ඒවා මකා දැම්මා රජයේ නියෝගයකට. ඒ වීඩියෝ එක මම ෆේස් බුක් එකට දමනවා.
තාප්ප ලස්සන කර රටක් ලස්සන කරන්නට තරම් අප පහතට වැටි ඇත. බොහෝරටවල අද මේ තාප්ප පාට කිරීම පාලනය කළ නොහැකි තත්ත්වයකට පත්වී නීති විරෝධි කටයුත්තක් ලෙස සළකති. එම විනෝදකාමීන්ගේ අයිතිය වෙනුවෙන් ඉතාලියේ මිලානෝ නගරයේ යම් ප්‍රදේශයක් ඔවුන් වෙනුවෙන් වෙන් කර ඇත. පසු කාලයකදි මෙය රජයකට වියදම් දරන්නට සහ පාලනය කිරීමට නොහැකි තරම් සිදුවන්නට ඉඩ ඇත. දේශපාලකයන්ගේ ටොෆී, සීනිබෝලා රසවත්ව බුක්ති විඳින්නට ශ්‍රී ලාංකිකයන් තරම් ලෝකයේ තවත් මිනිසුන් සිටිය නොහැකියි. රංජන්ගේ හඬ පටි සංදර්ශනයත්, තාප්ප පාට කරන්න රැල්ලක් ඇතිකිරීමෙනුත් කිසිම විරෝධතාවයකින් තොරව වටිනා ඉඩම් අක්කර තුනක් බදුදීමට පාලකයන්ට හැකිවිය.
මේ හදන්නේ ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙච්ච ජනතාවට අගෞරවයක් කරන්න. ඔවුන් කිසිදාක සම්මාන බලාපොරොත්තුවෙන් ඔය දේවල් කළේ නෑ. ඒත් මේ වැඩෙන් කිසිදාක නිවැරදි විනිශ්චයක් රජයෙන් ලැබෙන්නේ නෑ. මතකනේ අතීත නාට්‍ය, සාහිත්‍ය ආදී විනිශ්චයන් සිදු වූ ආකාරය. හොඳම දෙය නම් මේවා දේශපාලනීකරණය නොකර රජය නිහඬව සිටීමයි. එවිට තවත් බොහෝ දේ නිස්සරණාධ්‍යාසයෙන් රටේ සිදුවෙයි. ඒ කරනු ලබන දෙයට බාධා නොකර සිටීමයි අවංක රජයක් වශයෙන් කළ යුතු වන්නේ.