
(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
මහියංගනය රඹකැන් ඔය ආශ්රිත වනාන්තරයේ ඇති වැදි ජනතාවගේ පාරම්පරික නිජභූමි ආශ්රිත හෙක්ටයාර 500ක භූමි ප්‍රමාණයක් මහවැලි සංවර්ධන අධිකාරියට පවරාගෙන, එළිපෙහෙළි කරමින් බඩ ඉරිඟු වගා කිරීම සඳහා පෞද්ගලික වැවිලි සමාගමකට ලබා දීමට එරෙහිව වන්නිලා ඇත්තෝ සහ පරිසර යුක්ති කේන්ද්‍රය ගොනු කළ රිට් පෙත්සම සම්බන්ධයෙන් වන විරෝධතා අප්‍රේල් 23 වැනි දා ගොනු කරන්නැයි අභියාචනාධිකරණය අද (5) නීතිපතිට නියෝග කළේය.
මහියංගනය රඹකැන් ඔය ආශ්රිත වනාන්තරයේ ඇති වැදි ජනතාවගේ පාරම්පරික නිජභූමි ආශ්රිත හෙක්ටයාර 500ක භූමි ප්‍රමාණයක් මහවැලි සංවර්ධන අධිකාරියට පවරාගෙන, එළිපෙහෙලි කරමින් බඩ ඉරිඟු වගා කිරීම සඳහා පෞද්ගලික වැවිලි සමාගමකට ලබා දීම හේතුවෙන් වැදි ජනතාවගේ සාම්ප්‍රදායික ජීවන රටාවට තර්ජනයක් එල්ල වී ඇතැයි සදහන් කරමින්,එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම වළක්වාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් , එමගින් පරිසරයට සිදුවූ හානියට වන්දි ලබා දෙන ලෙස ඉල්ලා ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලා ඇත්තෝ සහ පරිසර යුක්ති කේන්ද්‍රය ගොනු කළ රිට් පෙත්සමක් අද අභියාචනාධිකරණය හමුවේ කැදවූ අවස්ථාවවේදී අභියාචනාධිකරණය මේ නියෝග කළේය.
මෙම පෙත්සම් අභියාචනාධිකරණ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ මායාදුන්නේ කොරයා යන මහත්වරුන්ගෙන් යුතු අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවිණි.
ලබන මැයි 5 වැනිදා පෙත්සම සම්බන්ධයෙන් කරුණු තහවුරු කිරීමට බැලීමට අභියචනාධිකරණය අද දින නියම කළේය.
පෙත්සම කැඳවූ අවස්ථාවේදී අතිරේක සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ මහතා අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ දැනට ලැබී ඇති තොරතුරු අනුව සිද්ධිය අදාළ භූමි ප්‍රදේශය මහවැලි සංවර්ධන අධිකාරියට අයිති එකක් ,මීට අදාළ ඔප්පු සහ වෙනත් ලියකිවිලි අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවයි.
පෙත්සමේ හයවැනි වගඋත්තරකාර ආර්.ඒ.එන් ප්ලාන්ටේෂන් සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතීඥ පුලස්ති රූපසිංහ මහතා කියා සිටියේ මහවැලි සංවර්ධන අධිකාරියට අයත් අක්කර 50 පමණක් එළි පෙහෙළි කර අදාළ ව්‍යාපෘතිය සදහා ලබා ගෙන ඇතත් පෙත්සම්කරුවන් කියනා පරිදි වන රක්ෂිතයකට හා වන ජීවින්ට හානි කර නොමැති බවයි.
එසේම තම සේවාදායකයා මෙම ආයෝජන ව්‍යාපෘතිය ලෙස කර ගෙන යන්නක් බවද නීතීඥ පුලස්ති රූපසිංහ මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහවැලියට, වන රක්ෂිතයට අයිතිය දුන්නේ අප්පොච්චිද? කියත් මගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද? බඩ ඉරිඟු වගාව කොහොම වෙතත් වටිනා කියන ගස්කොළන් ටික පටවලා ඇති. කාගේ සාක්කුවටද දන්නේ නැහැ වැවිලි සමාගමේ කොමිස් කුට්ටිය යන්නේ? අර උද්දික කියන නළුවා පාර්ලිමේන්තුවට කිව්වනේ පරිප්පු වෙනුවට බඩඉරිඟු හොදි කන්න පුළුවන් කියලා... පෝෂණ ගුණයක් ගැන සත 05ක අවබෝධයක් නැතිව. එයාගේ යෝජනාව ස්ථිර කරන්න ද මේ බඩ ඉරිඟු වවන්නේ?
වනාන්තරයට හෝ වන සතුන්ට හානි නොවන ලෙස වනය එළි කිරීම සෞභාග්‍යයේ දැක්ම නම් වේ..
කාටවත් කරදරයක් නැතිව තමන්ගේ හයියෙන් ජීවත්වන අපේ ආදිවාසීන් රැකබලා ගැනීම ශ්‍රී ලාංකික අපි හැමෝගේම යුතුකමක්... රට පාලනය කරන නූගත්, මෝඩ, හොර, දූෂිත, මිනීමරුවන් දුරදිග නොබලා කරන මේ සෙල්ලම.. " රටට ඉතාමත්ම අවාසිදායක ලෙස " අවසන් විය හැක. දැන් ලෝකයේ හැම රටක්ම, හැම ජාතියක්ම තමන්ගේ ආදිවාසින් හට ගෞරව කරන තත්වයකට ඇවිල්ලා. ඒ කාලයේ තමන් අතින් ආදීවාසීන් හට සිදුවූ සියලුම වැරදිවලට සමාව ඉල්ලනවා. ඕස්ට්‍රේලියාව තම ජාතික ගියේ සමහර කොටස් වෙනස් කළා.... ආදිවාසින් වෙනුවෙන්. නමුත් අපේ ගෝත්‍රික පාලකයින් අපේ ආදිවාසීන්ගේ ජීවිතය ගැට ගසාගන්නා " කැලෑ පොජ්ජ " හොර තක්කඩි මුදලාලිලාට දීලා. ඒ ඡන්දෙදි තමන්ගේ පක්ෂයට කළු සල්ලිවලින් උපකාරකරලා.. මෝඩ බයියන්ට කුඩ, සිල් රෙදි, වැසිකිලි පෝච්චි, ටකරම්, අරක්කු ආදිය බෙදන්න කරපු උදව්වට ප්‍රති උපකාරයක් වශයෙන්. මහපොළව නුහුලන මේ අපරාධය අනිවාර්යයෙන්ම ජිනීවා මානව හිමිකම් මේසය මතත් දිග හැරේවි... ශ්‍රී ලංකාවේ පාලකයිනේ, මේ රටේ මිනිස්සු ඔබලාට බලය දුන්නේ තාවකාලිකවයි. මේ කරන අපරාධවලට කවදා හෝ ඔබලාට ගෙවන්න වෙනවාමයි. සොබා දහම් නීතිය ඒ තරම් බලගතුයි.
වැද්දන්ටත් කෙළවපු සක්කිලි ආණ්ඩුවක්... මොන ලැජ්ජා නැති වැඩක්ද මේ..?
පුරාණයේ සිට එන ඉඩම් අයිතිය මෑතදී පටන්ගත් රජයේ ආයතන මගින් ගැසට් පත්‍රිකාවක් වගේ ලේසි ක්‍රමයකට පවරාගෙන තමන්ගේ හිතවත් කොම්පැනියකට දීම කලක සිටන් කරගන ආපු දෙයක්. මුතුරාජවෙල කරන්න හැදුවේත් එකයි. ආයෝජනය කියන්නේ හොරය වහගන්න. මේක නවත්තන්න මේ රජයට බැරි නම් මොකද්ද මේ රජයෙන් ඇති වැඩේ?