IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


වතුරකුඹුරේ ධම්මරතන හිමියන්ගේ ජන්ම දිනයට කූරගල පිංකම් රැසක්

(ප්‍රින්ස් රත්නායක)

නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති කූරගල ඓතිහාසික පුද බිමප්‍රතිනිර්මාණය කිරීමේ පුරෝගාමී වතුරකුඹුරේ ධම්මරතන හිමියන්ගේ ජන්ම දිනය නිමිත්තෙන් පින්කම් රැසක් කූරගල පුදබිමේ දී සිදු කෙරුණි.

වතුරකුඹුරේ ධම්මරතන හිමියන්ගේ තිස් පස් වැනි ජන්ම දිනය නිමිති කරගෙන මහා සංඝයා විෂයයෙහි දානමය පුණ්‍ය කර්මයක් සිදු කළ අතර සිවිල් ආරක්ෂක බළකායේ පිරිසකට වියළි ආහාර ද්‍රව්‍ය ලබාදීම , කූරගල ප්‍රදේශයේ පුද්ගලයකුට නිවසක් තනා දීම, පාසල් දරුවනට ඇස් කණ්නාඩි ලබාදීම සහ  තන්ජංන් තැන්න විද්‍යාලයේ දරුවන් ට ක්‍රීඩාපිටියක් ලබාදීම ඇතුළු වැඩසටහන් රැසක්සිදු කරනු ලැබීය.

මෙම අවස්ථාවට යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව  පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ  රත්නපුර දිස්ත්‍රික් ලේකම්මාලනී ලොකුපෝතාගම යන මහත්ම මහත්මිහු ද, ප්‍රාදේශීය ලේකම්වරු, කල්තොට පොලිස් ස්ථානාධිපති ඇතුළු පිරිසක් සහභාගී වූහ.



අදහස් (0)

වතුරකුඹුරේ ධම්මරතන හිමියන්ගේ ජන්ම දිනයට කූරගල පිංකම් රැසක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 18 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 701 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 333 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site