IMG-LOGO

2024 මැයි මස 18 වන සෙනසුරාදා


වතුර කරාමය සවි කර තිබූ කණුව වැටි දැරියක් මරුට: 5ක් ‌රෝහලට

(ඉන්දිකා රාමනායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ග්‍රෑන්පාස් වෙහෙරගොඩ කනිෂ්ඨ විද්‍යාලයේ ජල කරාමය සවිකර තිබූ කොන්ක්‍රිට් කණුවක් කඩා වැටීමෙන් තුවාල ලැබූ එක් දැරියක මියගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.

මෙසේ මියගොස් ඇත්තේ වැල්ලම්පිටියේ පදිංචි ෂෙහන්සා නිත්සරණි නමැති හය හැවිරිදි දැරියකි.

මියගිය ෂෙහන්සාගේ හය වන උපන්දිය ද අදට යෙදී තිබූ අතර පාසලේ සිය මිතුරන් සමග කේක් කැපූ ෂෙහන්සා අත සේදීම සඳහා ජල කරාමයට අසලට ගිය අවස්ථාවේ මෙම අනතුරට පත්ව ඇතැයි පාසල් ආරංචි මාර්ග කියයි.

ජල කරාමය සවිකර තිබූ කණුව වැටීමෙන් සිසු සිසුවියන් හය දෙනකු තුවාල ලැබූ අතර ඔවුන් අතර ෂෙහන්සා ද සිටියාය.

සිදුවීම සම්බන්ධයෙන් කුපිත වූ මව්පියන් පිරිසක් විදුහල්පතිට පහර දීම නිසා ‌තුවාල ලබා රෝහල් ගත කර ඇත.

-----------------------------------

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ග්‍රෑන්ඩ්පාස් වෙහෙරගොඩ කනිෂ්ඨ විද්‍යාලයේ ජල නල සවිකර තිබූ අඩි 6 ක් පමණ උසින් යුත් කොන්ක්‍රීට් කොටසක් පෙරළීමෙන් සිසුන් 6 දෙනකු තුවාල ලබා ඇතැයි ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි.

පිරිමි ළමයි සිව්දෙනකු සහ ගැහැණු දරුවන් දෙදෙකු තුවාල ලබා ඇත. ඔවුන් පළමු ශ්‍රේණියේ වයස අවුරුදු 6 යේ දරුවන් බව පොලිසිය කියයි.

තුවාල ලැබූවන් 5දෙනකු ජාතික රෝහල වෙත හා එක් අයකු ළමා රෝහල වෙත ඇතුළත් කර ඇත. එයින් දෙදෙනකුගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.

ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච් එච් හැරිසන් මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පවත්වයි.

(ඡායාරූප: රුෂිරු කොළඹතන්ත්‍රි‌)



අදහස් (10)

වතුර කරාමය සවි කර තිබූ කණුව වැටි දැරියක් මරුට: 5ක් ‌රෝහලට

රාජපක්ෂ Wednesday, 15 November 2023 02:05 PM

කොළඹ ප්‍රදේශයේ මේසන් බාස්ලා නැහැ ඉතින් මේසන් හැන්දවත් හුරුවක් නැති මිනිස්සු මේ වැඩ කකරද්දී ඒවා වැරදියි කියන්න දැනුමක් තියෙන කෙනෙකුත් සොයාගන්න බැහැ ඉතින් එවැනි රැකියා විරහිතව නගරයට ඇවිත් වැඩකර යන මිනිස්සු කරපු වැඩ වලින් ඔහොම දේවල් නොවුනොත් තමයි ප්‍රශ්නයක් වෙන්නෙ අසරණ දැරියට නිවන්සැප ලැබේවා

:       10       49

Marikkar Wednesday, 15 November 2023 06:13 PM

අතිශයින්ම දුක්බර සිද්ධියක්... ඇයගේ ආත්මයට නිවන් සුව ලැබේවා!!! මෙම පිරිමැසිය නොහැකි වියෝව විඳදරාගැනීමට සර්වබලධාරී දෙවියන් වහන්සේ දෙමාපියන්ට ශක්තිය ලබාදෙත්වා...!

:       0       0

pakeer Wednesday, 15 November 2023 07:01 PM

අපි හුඟාක් දීන ජාතියක්.කිසි දෙයක කිසිම දෙයක් නැහැ .හිස් බව විතරයි .ආරක්ෂාව ,නීතිය ,මනුස්සකම ,ආගම දහම ,ආර්ථිකය ,අධ්‍යාපනය ..මේ කසිම දෙයක තාවයක් නැහැ .සිංහල ජාතිය කියන්නේ මේ ලොවනේ තුරන් වෙන්න ඕන ජාතියක්

:       0       2

සත්‍යපාල Thursday, 16 November 2023 04:27 PM

වංශේ කබල් ගාන ජාතියක්. රැවටෙන්න උපන් ජාතියක්. හැබැයි මුලු ලෝකෙ ඉන්න ඉහලම ජාතිය කියලා හිතගෙන ගේම ඉල්ලනවා.

:       0       0

ජගත් ලියනගේ Wednesday, 15 November 2023 07:07 PM

ඔය ඉස්කෝලේ ජල කරාමය සවි කරලා තියෙන කොන්ක්‍රීට් කණුව අබලන් වුනාට, ගේට්ටුව නං හරිම ලස්සනයි .

:       1       2

sathyapala Thursday, 16 November 2023 12:54 AM

මේවා කියපුහාම පලවෙන්නේ නෑ .ඒත් කියලා තියන්නම්. ලංකාවේ ඉදිකිරීම්වල ප්‍රමිතිය බොහොම අඩුයි. එක උදාහරණයක් පෙර නිමි කොන්ක්‍රීට්. ලංකාවේ වගේ රටක සිමෙන්ති මිල ඉතා ඉහලයි. ඒ නිසාම පෙර නිමි කොන්ක්‍රීට් වලට දාන සිමෙන්ති ප්‍රමාණය අවම ප්‍රමාණයේ තියාගන්නවා. වතුර වැඩි වෙන්න වැඩි වෙන්න එහි ශක්තිය තව තවත් අඩු වෙනවා. එහෙත් මහා දවාලේ මිශ්‍ර කිරීමෙන් පසු වාහන තදබදය නිසා කල් පසුවී සහ රත්වී පැමිණෙන පෙරනිමි කොන්ක්‍රීට් රථයට විශාල ලෙස වතුර දමන්නට සිදුවෙනවා. කල්පසුවූ (මිශ්‍රකිරීමෙන් පසු විනාඩි 45 පසුවූ) සහ රත්වූ කොන්ක්‍රීට් වල ශක්තිය බොහෝ සේ අඩුයි. මේවා ගැන දන්නා අය සීමිතයි. කල් පසුවූ කොන්ක්‍රීට් තමනට එපා කියලා ආපසු හරවා යවන්න ඇති අයිතිය හෝ නීතියක් ගැන දන්නෙත් නෑ. කණු සහ ස්ලැබ් දැමීමේදී දමන කම්ම්බි නිසි ප්‍රමිතියට නෑ . අබිලි යකඩ උණු කර හදන දගර කම්බි වල පෙනුම තිබුනට ශක්තිය ඉතා අඩුයි. ඊට අමතරව ඒවාට දමන කම්බි ප්‍රමාණය සහ කම්බි තිබිය යුතු තැන තීරණය කල යුත්තේ සැලසුම අදින පුද්ගලයා හෝ මේසන් බාස් නොව ව්‍යයුහාත්මක (structural ) ඉංජිනේරුවෙක්.

:       0       7

sathyapala Thursday, 16 November 2023 12:55 AM

සමහර දැවැන්ත ඉදිකිරීම් වල පවා ව්‍යයුහාත්මක ඉංජිනේරුවා දෙන කම්බි ප්‍රමාණය වැඩියි කියලා කම්බියේ ප්‍රමාණය අඩු එකක් පාවිච්චි කරලා වියදම අඩු කරනවා. මතක තියාගන්න තම ගෙදර විතරක් ශක්තියට හදාගත්තාටත් මදි. භූමිකම්පාවක් එන මොහොතේ තමන්ගේ දරුවා ඉන්නේ දුර්වල ලෙස ඉදිකළ පාසල් ගොඩනැගිල්ලක. අම්මා තාත්තා බිරිද සැමියා ඉන්නේ ප්‍රමිතියෙන් තොරව ඉදිකළ කාර්යාලයේ හෝ රෝහලේ. ඒ නිසා සියලුම ඉදිකිරීම් මේ මොහොතේ සිටම නිසි ප්‍රමිතියකට කරන්නට සියලු දෙනාම හද නැගිය යුතුයි. නැතිනම් භූමිකම්පාවකින් පසු රටෙන් බාගයක් කඩාවැටුන ගොඩනැගිලි තුල මියැදෙනවා. ලංකාව අවට නිතර භූකම්පන දැන් වැඩි වෙමින් තිබෙන නිසා මේ මොහොතේ සිට මේවාට පියවර ගත යුතුයි.

:       0       7

සාක්කුවට ගතමනාවක් Thursday, 16 November 2023 06:59 AM

ඡායාරූප දැක්කම එතැනට අවශ්‍ය අත්තිවාරම දාලා නැහැ කියලා හොදින්ම පැහැදිලි වෙනවා .සාමාන්‍ය භූමිය මතුපිට බැම්මක් බැදලා කියලා පේනවා ලාභෙට ණයට හෝ දරුවෙක් පාසලට ගැනීමට අල්ලසක් ලෙසට කරපු වැඩක් වෙන්න පුළුවන්

:       0       5

fairoos Thursday, 16 November 2023 12:48 PM

ඉතාම කනගාටුයි..පව් අහින්සක ලමයි

:       0       1

ගමේ එකාලා Thursday, 16 November 2023 02:25 PM

වටිනා අදහස් ටිකක් ඉදිරිපත් කරපු සත්‍යපාල මහතාට ස්තූතියි. ගාණක් හොයාගන්න බලනවා මිසක් හරියට වැඩක් කරනවයි කියලද?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

තරුණයා දැරියකගේ දිවි බේරයි
2024 මැයි මස 18 427 1

කලවාන කුකුළේ ගංගාවට පැන්නේ යැයි කියන දැරියක් එම ප්‍රදේශයේ තරුණයකු ගඟට පැන දිවි බේර ගෙන ඇති බව කලවාන පොලිසිය පැවසීය .


’යුද්ධයෙන් පීඩා විඳි සියල්ලනට එංගලන්තයේ සහාය’- කැමරන්
2024 මැයි මස 18 529 5

ශ්‍රි ලංකාවේ සිවිල් යුද්ධය අවසන් වී වසර 15ක් ගෙවී ඇතත් එම ගැටුම් වලින් මියගිය සහ අතුරුදහන්වූ පුද්ගලයන්ගේ පවුල්වල සාමාජිකයන් අදටත් තම ආදරණීයයන්ට සිදුව


ඇල්ල- වැල්ලවාය පාර අදත් වහයි
2024 මැයි මස 18 157 0

ඇල්ල වැල්ලවාය මාර්ගයට කරදගොල්ල මලිතගොල්ල ප්‍රදේශයේදී මාර්ගයට රොම්මඩ සහිත ජලය ගලා ඒම තවදුරටත් පවතින බැවින් අද (18) රාත්‍රි 8.00 සිට හෙට උදෑසන 6.00 දක්වා මාර්


ට්‍රාන්ස්ෆෝමරයක් අසල නාඳුනන සිරුරක
2024 මැයි මස 18 891 2

ගම්පහ ,ඉහළ යාගොඩ ප්‍රදේශයේ විදුලි ට්‍රාන්ස්ෆෝමරයක් අසල වැටී සිටි නාදුනන පුද්ගලයකුගේ මළ සිරුරක් පොලීසිය සොයාගෙන ඇත.


පැවැත්වෙන මැතිවරණය ගැන උදයංග කියයි
2024 මැයි මස 18 2436 12

ස්ථීරයෙන්ම එන්නේ ජනාධිපතිවරණය නොව මහ මැතිවරණය බවත් ලබන 14 හෝ 15 පාර්ලිමේන්තුව අනිවාර්යයෙන්ම විසුරුවන බවත් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරත


ආර්ථික පරිවර්තන පනත ගැසට්ටුව නිකුත් වෙයි
2024 මැයි මස 18 377 1

ආර්ථිකයේ පරිවර්තනයක් වෙනුවෙන් විධිවිධාන සැලසෙන ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත පිළිබඳ ගැසට් නිවේදනය නිකුත් කෙරිණ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 787 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2337 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2004 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site