
(ඉන්දිකා රාමනායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ග්‍රෑන්පාස් වෙහෙරගොඩ කනිෂ්ඨ විද්‍යාලයේ ජල කරාමය සවිකර තිබූ කොන්ක්‍රිට් කණුවක් කඩා වැටීමෙන් තුවාල ලැබූ එක් දැරියක මියගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.
මෙසේ මියගොස් ඇත්තේ වැල්ලම්පිටියේ පදිංචි ෂෙහන්සා නිත්සරණි නමැති හය හැවිරිදි දැරියකි.
මියගිය ෂෙහන්සාගේ හය වන උපන්දිය ද අදට යෙදී තිබූ අතර පාසලේ සිය මිතුරන් සමග කේක් කැපූ ෂෙහන්සා අත සේදීම සඳහා ජල කරාමයට අසලට ගිය අවස්ථාවේ මෙම අනතුරට පත්ව ඇතැයි පාසල් ආරංචි මාර්ග කියයි.
ජල කරාමය සවිකර තිබූ කණුව වැටීමෙන් සිසු සිසුවියන් හය දෙනකු තුවාල ලැබූ අතර ඔවුන් අතර ෂෙහන්සා ද සිටියාය.
සිදුවීම සම්බන්ධයෙන් කුපිත වූ මව්පියන් පිරිසක් විදුහල්පතිට පහර දීම නිසා තුවාල ලබා රෝහල් ගත කර ඇත.
-----------------------------------
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ග්‍රෑන්ඩ්පාස් වෙහෙරගොඩ කනිෂ්ඨ විද්‍යාලයේ ජල නල සවිකර තිබූ අඩි 6 ක් පමණ උසින් යුත් කොන්ක්‍රීට් කොටසක් පෙරළීමෙන් සිසුන් 6 දෙනකු තුවාල ලබා ඇතැයි ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි.
පිරිමි ළමයි සිව්දෙනකු සහ ගැහැණු දරුවන් දෙදෙකු තුවාල ලබා ඇත. ඔවුන් පළමු ශ්‍රේණියේ වයස අවුරුදු 6 යේ දරුවන් බව පොලිසිය කියයි.
තුවාල ලැබූවන් 5දෙනකු ජාතික රෝහල වෙත හා එක් අයකු ළමා රෝහල වෙත ඇතුළත් කර ඇත. එයින් දෙදෙනකුගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.
ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච් එච් හැරිසන් මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පවත්වයි.
(ඡායාරූප: රුෂිරු කොළඹතන්ත්‍රි)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොළඹ ප්‍රදේශයේ මේසන් බාස්ලා නැහැ ඉතින් මේසන් හැන්දවත් හුරුවක් නැති මිනිස්සු මේ වැඩ කකරද්දී ඒවා වැරදියි කියන්න දැනුමක් තියෙන කෙනෙකුත් සොයාගන්න බැහැ ඉතින් එවැනි රැකියා විරහිතව නගරයට ඇවිත් වැඩකර යන මිනිස්සු කරපු වැඩ වලින් ඔහොම දේවල් නොවුනොත් තමයි ප්‍රශ්නයක් වෙන්නෙ අසරණ දැරියට නිවන්සැප ලැබේවා
අතිශයින්ම දුක්බර සිද්ධියක්... ඇයගේ ආත්මයට නිවන් සුව ලැබේවා!!! මෙම පිරිමැසිය නොහැකි වියෝව විඳදරාගැනීමට සර්වබලධාරී දෙවියන් වහන්සේ දෙමාපියන්ට ශක්තිය ලබාදෙත්වා...!
අපි හුඟාක් දීන ජාතියක්.කිසි දෙයක කිසිම දෙයක් නැහැ .හිස් බව විතරයි .ආරක්ෂාව ,නීතිය ,මනුස්සකම ,ආගම දහම ,ආර්ථිකය ,අධ්‍යාපනය ..මේ කසිම දෙයක තාවයක් නැහැ .සිංහල ජාතිය කියන්නේ මේ ලොවනේ තුරන් වෙන්න ඕන ජාතියක්
ඔය ඉස්කෝලේ ජල කරාමය සවි කරලා තියෙන කොන්ක්‍රීට් කණුව අබලන් වුනාට, ගේට්ටුව නං හරිම ලස්සනයි .
මේවා කියපුහාම පලවෙන්නේ නෑ .ඒත් කියලා තියන්නම්. ලංකාවේ ඉදිකිරීම්වල ප්‍රමිතිය බොහොම අඩුයි. එක උදාහරණයක් පෙර නිමි කොන්ක්‍රීට්. ලංකාවේ වගේ රටක සිමෙන්ති මිල ඉතා ඉහලයි. ඒ නිසාම පෙර නිමි කොන්ක්‍රීට් වලට දාන සිමෙන්ති ප්‍රමාණය අවම ප්‍රමාණයේ තියාගන්නවා. වතුර වැඩි වෙන්න වැඩි වෙන්න එහි ශක්තිය තව තවත් අඩු වෙනවා. එහෙත් මහා දවාලේ මිශ්‍ර කිරීමෙන් පසු වාහන තදබදය නිසා කල් පසුවී සහ රත්වී පැමිණෙන පෙරනිමි කොන්ක්‍රීට් රථයට විශාල ලෙස වතුර දමන්නට සිදුවෙනවා. කල්පසුවූ (මිශ්‍රකිරීමෙන් පසු විනාඩි 45 පසුවූ) සහ රත්වූ කොන්ක්‍රීට් වල ශක්තිය බොහෝ සේ අඩුයි. මේවා ගැන දන්නා අය සීමිතයි. කල් පසුවූ කොන්ක්‍රීට් තමනට එපා කියලා ආපසු හරවා යවන්න ඇති අයිතිය හෝ නීතියක් ගැන දන්නෙත් නෑ. කණු සහ ස්ලැබ් දැමීමේදී දමන කම්ම්බි නිසි ප්‍රමිතියට නෑ . අබිලි යකඩ උණු කර හදන දගර කම්බි වල පෙනුම තිබුනට ශක්තිය ඉතා අඩුයි. ඊට අමතරව ඒවාට දමන කම්බි ප්‍රමාණය සහ කම්බි තිබිය යුතු තැන තීරණය කල යුත්තේ සැලසුම අදින පුද්ගලයා හෝ මේසන් බාස් නොව ව්‍යයුහාත්මක (structural ) ඉංජිනේරුවෙක්.
සමහර දැවැන්ත ඉදිකිරීම් වල පවා ව්‍යයුහාත්මක ඉංජිනේරුවා දෙන කම්බි ප්‍රමාණය වැඩියි කියලා කම්බියේ ප්‍රමාණය අඩු එකක් පාවිච්චි කරලා වියදම අඩු කරනවා. මතක තියාගන්න තම ගෙදර විතරක් ශක්තියට හදාගත්තාටත් මදි. භූමිකම්පාවක් එන මොහොතේ තමන්ගේ දරුවා ඉන්නේ දුර්වල ලෙස ඉදිකළ පාසල් ගොඩනැගිල්ලක. අම්මා තාත්තා බිරිද සැමියා ඉන්නේ ප්‍රමිතියෙන් තොරව ඉදිකළ කාර්යාලයේ හෝ රෝහලේ. ඒ නිසා සියලුම ඉදිකිරීම් මේ මොහොතේ සිටම නිසි ප්‍රමිතියකට කරන්නට සියලු දෙනාම හද නැගිය යුතුයි. නැතිනම් භූමිකම්පාවකින් පසු රටෙන් බාගයක් කඩාවැටුන ගොඩනැගිලි තුල මියැදෙනවා. ලංකාව අවට නිතර භූකම්පන දැන් වැඩි වෙමින් තිබෙන නිසා මේ මොහොතේ සිට මේවාට පියවර ගත යුතුයි.
ඡායාරූප දැක්කම එතැනට අවශ්‍ය අත්තිවාරම දාලා නැහැ කියලා හොදින්ම පැහැදිලි වෙනවා .සාමාන්‍ය භූමිය මතුපිට බැම්මක් බැදලා කියලා පේනවා ලාභෙට ණයට හෝ දරුවෙක් පාසලට ගැනීමට අල්ලසක් ලෙසට කරපු වැඩක් වෙන්න පුළුවන්
ඉතාම කනගාටුයි..පව් අහින්සක ලමයි
වටිනා අදහස් ටිකක් ඉදිරිපත් කරපු සත්‍යපාල මහතාට ස්තූතියි. ගාණක් හොයාගන්න බලනවා මිසක් හරියට වැඩක් කරනවයි කියලද?