IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


’’වත්මන් නායකයාගෙන් යුක්තියක් බලාපොරොත්තු වෙන්න බෑ’’

(ඩයනා උදයංගනී)

ජනතා කැමැත්තෙන් තොරව පස්සා දොරෙන් තනතුරට ආ වත්මන් නායකයා ජනතාවට යුක්තිය ඉටු කරනු ඇතැයි විශ්වාස කළ නොහැකි බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ.

මෙම අවස්ථාවේ දී පීඩාවට පත්ව සිටින ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් සෙවීම වෙනුවට රටේ සෙසු දේශපාලන නායකයන් ද එකිනෙකා ඇනකොටාගනිමින් බලය වෙනුවෙන් කටයුතු කරන බව කාදිනල්තුමෝ සඳහන් කළහ.

එබැවින් එළඹෙන නත්තල බොරු ආටෝපවලින් තොර ගවලෙනේ නත්තලක් බවට පත්කරගෙන දුගී දුප්පත් ජනතාවට උපකාර කරන්නැයි තමන් සියලු කිතුණු බැතිමතුන්ගෙන් සහ දේවස්ථානවලින් ඉල්ලීමක් කරන බව කාදිනල්තුමෝ කීහ.

මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් මේ බව පැවසුවේ බටපත්තල සාන්ත තෙරේසා දෙව් මැදුරේදී ඊයේ (16) පැවති ජුබිලි මංගල මහා දිව්‍ය යාගය වාර්ෂික මංගල්‍යයට එක්වෙමිනි.

2019 අප්‍රේල් 21 වැනිදා ප්‍රහාරයෙන් දිවි අහිමි වූවන්ට මෙතෙක් සාධාරණයක් ඉටුවී නැතැයි කී අගරදගුරුතුමෝ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව, පොලීසිය, හා නීතිපති දෙපාර්තමේන්තුව කයිවාරු ගැසුවත් මේ සම්බන්ධයෙන් කිසිවක් කර නැතැයි ද පැවසූහ.

එම විනාශයෙන් පසු හිටපු ජනාධිපතිවරයා පත්කළ උසස් නිලධාරීන් තිදෙනකුගෙන් යුත් කමිටුව, වත්මන් ජනාධිපතිවරයා අගමැති ලෙස සිටියදී පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව මෙන්ම හිටපු ජනාධිපතිවරයා පත්කළ ජනාධිපති කොමිෂන් සභාවෙන් ආ නිර්දේශවලින් කිසිවක් ක්‍රියාත්මක වී නැතැයි කී මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ දෙවියන් වහන්සේගේ විනිශ්චය ගැන විශ්වාසය තැබීම හැර කළ හැකි දෙයක් නැතැයි ද කීහ.



අදහස් (9)

’’වත්මන් නායකයාගෙන් යුක්තියක් බලාපොරොත්තු වෙන්න බෑ’’

sharm warn Monday, 17 October 2022 02:04 PM

අපි කොහෙත්ම බලාපොරොත්තු වුණේ නැහැ... හැරෙන්න කළින්ම අපි නම් දැනගෙන හිටියේ මොවුන්ගේ නිරුවත...

:       16       8

මහසෙන් Monday, 17 October 2022 02:26 PM

හිටපු කෙනාගෙනුත් බැරි වුණා. ඉන්න එක්කෙනා හරි යන්නෙත් නෑ. එහෙනම් ඊළඟට වැඩේ කරගන්න ගේන්න ඕනෑ කෙනත් කියන්න...!

:       8       12

fairoos Monday, 17 October 2022 02:45 PM

නන්දසේනව එළෙව්වා වගේ ඉන්න සෙට් එකම එළවන්න ඕනෑ.

:       8       9

BamunuarachchiTuesday, 18 October 2022 07:35 AM

කාදිනල් තුමාට වැරදුනේ යුක්තිය ඉෂ්ට කරන්න ගිහිල්ලා.

:       0       0

BamunuarachchiTuesday, 18 October 2022 06:51 PM

නැතිනම් අපිට ජනගහනය භාගයක් කරන්න තිබුනා.

:       0       0

බද්රානි Monday, 17 October 2022 04:23 PM

මට හොඳට මතකයි මීට කාලෙකට කලින් කාදිනල් තුමා," බටහිර රටවල් හා ඇමරිකාව අපට ආයේ අමුතුවෙන් මානව හිමිකම් ගැන උගන්වන්න ඕනා නැහැ" කියලා ඔබතුමාගේ කටින්ම කියනවා. දැන් තේරෙනවා ඇතිනේ ඒ රටවල හා මේ රටේ වෙනස නේද? ඔය දේශප්‍රේමය ඉහට ගහගෙන හිටපු ගොඩක් අය දැනගෙන හිටියේ නැහැ, දේශපාලකයින්ගේ උප්පරවැට්ටි. දැන් ඉතින් මෙතන නාහෙන් අඬලා පලක් නැහැ. ඔය හිතේ තියන වේදනාව දරාගෙන නොදැන කල පව් වලට දුක් මනස්තාපවී දෙවියන්ට යාඥා කරන්න. දෙවියන්ගේ රැකවරණය හැර වෙන පිළිසරණක් නම් නැහැ පීඩිත අපට. මොනා උනත් පහුගිය චන්දෙ කාලේ ඔබ තුමාගේ වටේ හිටපු අර යාළුවො රැල නම් ගොඩ ගිහින් තියනවා නියමෙටම.

:       1       11

Sunil Monday, 17 October 2022 04:44 PM

රටේ යහපත වෙනුවෙන් ඔබවහන්සේ නගන හඬ අගය කරමු. ජනතාව විසින් දැඩි ලෙස ප්‍රතික්ෂේප කළ මේ නායකයන්ගේ රටට කිසිම යුක්තියක් බලාපොරොත්තු විය නොහැක.

:       0       0

Bamunuarachchi Tuesday, 18 October 2022 07:33 AM

යුක්තිය දෙසපාලඥයකුගෙන් ඉෂ්ට වේවිද?

:       0       0

Bamunuarachchi Tuesday, 18 October 2022 06:49 PM

දෙවියෝ යුක්තිය ඉෂ්ටකලානම් පල්ලි ආපු බැතිමතුන් පාස්කු පරහාරයට අසුවෙන්නේ නැහැ. ඉතින් අපි කොහොමද දෙසපාලඥයකුගෙන් යුක්තිය ඉෂ්ට වේවිද අහන්නේ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 264 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 183 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 990 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site