(විමුක්ති එස් රුද්‍රිගු)
වත්මන් ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය ඉහළ ගොස් ඇතැයි වෙරිටේ රිසර්ච් ආයතනය පවසයි.
පසුගිය වසරේ ඔක්තෝබර් සහ මෙම වසරේ පෙබරවාරි මසට සාපේක්ෂව පසුගිය ජූනි මස වත්මන් ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය දෙගුණයකින් වර්ධනය වී ඇතැයි වෙරිටේ රිසර්ච් ආයතනය පෙන්වා දී ඇත.
වෙරිටේ රිසර්ච් ආයතනය විසින් කරන ලද 'රට හිතන හැටි' දීප ව්‍යාප්ත ජනමත විමසුම් සමීක්ෂණයේ පසුගිය ජූනි මස ප්‍රතිඵලවලට අනුව, වත්මන් ආණ්ඩුව වැඩ කරන ආකාරය පිළිබඳ ජනතා අනුමැතිය සියයට 21 ක් දක්වා වර්ධනය වී ඇතැයි එම ආයතනය නිකුත් කළ වාර්තාවේ සඳහන් වේ.
පසුගිය වසරේ ඔක්තෝබර් මස සහ මෙම වසරේ පෙබරවාරි මස වත්මන් ආණ්ඩුව වැඩ කරන ආකාරය පිළිබඳ ජනතා අනුමැතිය සියයට 10 ක් වූ අතර එය ජූනි මාසයේදී දෙගුණයකින් වර්ධනය වී ඇත.
රටේ වැඩ කටයුතු සිදු වෙමින් පවතින ආකාරය ගැනද ජනතා අනුමැතිය ඉහළ ගොස් ඇති බව සමීක්ෂණයේ ප්‍රථිපල මගින් තහවුරු වී තිබේ.පසුගිය ජූනි මාසයේදී රටේ වැඩ කටයුතු සිදු වෙමින් පවතින ආකාරය පිළිබඳ ජනතා අනුමැතිය සියයට 12 දක්වා වර්ධනය වී තිබෙන බවත් පසුගිය පෙබරවාරි සහ ඔක්තෝබර් මස එම අගය පැවතියේ පිළිවෙලින් සියයට 4 ක සහ 7 ක මට්ටම්වල බව වෙරිටේ රිසර්ච් ආයතනය පෙන්වා දී ඇත.
ජූනි මස ප්‍රථිපලවලට අනුව රටේ ආර්ථිකය ගැන ජනතාවට පවතින විශ්වාසය තවමත් සෘණ අගයක් ගනිමින් 43.8 ක මට්ටමක පැවතියත් පසුගිය ඔක්තෝබර් සහ පෙබරවාරි මසට සාපේක්ෂව එය පැහැදිලි වර්ධනයක් බව වෙරිටේ රිසර්ච් ආයතනය සඳහන් කර තිබේ.පසුගිය ඔක්තෝබර් සහ පෙබරවාරි මාස දෙකෙහිම රටේ ආර්ථිකය ගැන ජනතාවට පවතින විශ්වාසය පැවතුනේ සෘණ 78 මට්ටමකය.
ඇමෙරිකාවේ ගැලප් ආයතනය එරට ජනමතය විමසීම සඳහා භාවිතයට ගන්නා ප්‍රශ්න සහ ගණනය කිරීම් වෙරිටේ රිසර්ච් ආයතනය ශ්‍රී ලංකාවට ගැලපෙන අයුරින් සකසා මෙම සමීක්ෂණය සිදු කරනු ලබයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියැදිය ගත්තේ පාර්ලිමේන්තුවෙන් වෙන්න ඇති..
අනික මේ කියන්නේ 10%ව තිබූ කමැත්ත 20% වෙලා කියලා.. ඉතුරු 80% එතකොට.. හැම එකාම පල් බොරුකාරයින්..
පින් ජනපතියා ආසියාවේ ආශ්චර්යය පෙන්නුවා කියලා හිතාගෙන ඇති...?
අපේ රටට අවශ්‍ය වෙලා තිබුනේ සමාජයීය, ආර්ථික, දේශපාලන සහ ආකල්ප (ආගමික) විප්ලවයක්... පරිවර්තනයක් නෙමෙයි. ඒ ගමන 80%ක් පමණ දුරක් ආවා... බොහෝ කැපවීම් කළා. අරගලය ගැන නොවෙයි කියන්නේ, සොභාවිකව සිදුවුණු වෙනස්වීම්. රනිල් ඇවිත් එය විනාශ කළා. එක ක්‍රමයක් විකාශනය වෙලා තව ක්‍රමයක් බිහිවීම විප්ලවය නෙමෙයි. අපේක්ෂිත අරමුණු නොවිසඳෙනවා පමණක් නොවෙයි, හානිදායක ප්‍රතිඵල ගෙන දෙනවා...
ඒ කියන්නේ අනුර කුමාරගේ, සජිත්ගේ, පාඨලීගේ කෙබර රටේ ජනතාව දැන් ටිකටික තේරුම් ගන්නවා කිියන එකද?
මන්ද පෝෂණයට වඩා අඳ, ගොළු, බිහිරි නම් වේගයෙන් පැතිර යනවා වගේ...!
මෙහෙමයි , හතර වටෙන් ණය අරන් ඇදගෙන යන ගමන් " දැන් රට දියුණුවෙමින් පවතිනවා , අර්බුදය් ඉවරයි " කියල ට්වි එකේ රේඩියෝ එකේ දිගටම කියන්න පටන් ගත්තහම ,එක වේලක කාල බොහොම අමාරුවෙන් ජිවත් වෙන මෝඩයෝ කොටසක් ඕක ඉබේම විශ්වාස කරන්න පටන් ගන්නවා , මේදවස් වල රජයේ රෝහල් වලින් බෙහෙත් ගන්න යන අය තමයි දැන් රටේ සබැ තත්වේ දන්නේ
අපෙන් හොරකම් කල කලු ඩොලර් ටිකක් වෙරිටේ රිසර්ච් එකටත් දීලා වගේ...
මැඩමූලන්ස් එකේ සල්ලි වැඩකරන හැටි බලාගන්න.