
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
වත්තල හේකිත්ත ප්‍රදේශයේ දෙමහල් නිවසකට කඩා වැදි පුද්ගලයකුට තියුණු ආයුධ වලින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය කියයි.
ඝාතනය සඳහා යොදා ගත් කඩුහතරක් ද පොලිසිය මගින් සොයාගෙන ඇත.
ඉකුත් මස 19වැනි දින සිදුවූ එම සිද්ධියෙන් ඝාතනයට ලක්ව තිබුණේ නිරෝෂන් පර්ඩින් නැන්ඩු නැමැති 43 හැවිරිදි පුද්ගලයෙකි.
ඉකුත් 01වැනි දින සැකකරුවන් දෙදෙනා හොරයින් මත්කුඩු සමඟ අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කර ලබාගන්නා ලද රැඳවුම් අනුව සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීමේදී ඉකුත් මස 19 වෙනිදින වත්තල හේකිත්ත ප්‍රදේශයේ නිවසකට කඩා වැදි පුද්ගල ඝාතනයක් සිදු කළ පුද්ගලයන් බවට හඳුනාගත් බව පොලිසියකියයි.
එම ඝාතනය දැනට විදේශ ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ගමගේ සාරංග ප්‍රදීප් නොහොත් වැල්ලේ සාරංග නමැත්තාගේ උපදෙස් මත සිදු කළ බවට සැකකරුවන් විසින් අනාවරණය කළ බව පොලිසිය සඳහන් කරයි.
2025 නොවැම්බර් මස 04
232
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2088
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1595
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
වත්තල ඝාතනයකට තිදෙනකු අල්ලයි