(ආනන්ද ඊ ජයකෝඩි)

මීරිගම නාල්ලේ පෙරකදෝරු වත්ත අයිනේ මුත්‍රා කළ බව කියන 13 හැවිරිදි දරුවන් දෙදෙනකුට පහරදී  ඇදගෙන ගොස්  පහරදී පැය භාගයක් දැණගස්වා සිටි බව කියන සිද්ධියක් මීරිගම ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

නාල්ල දිවුල්දෙණියේ දරුවන් දෙදෙනකු මෙම අකරතැබ්බයට මුහුණ දී ඇත.

පාපැදියකින් ගමන්ගත් බව කියන මෙම බාලවයස්කාර දරුවන් දෙදෙනා පා පැදිය නවතා අයිනට මුත්‍රා කළැයි කියමින් මෙසේ පහරදී දණගස්වා සිටින බවට ඔවුන්ගේ මවුපියන් දැන ගැනීමෙන් පසු  දරුවන් දෙදෙනා බේරාගෙන ඇත.

පසුව මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු සැකකරුවන  රුවන් පුෂ්පකුමාර නමැත්තෙකු අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු  රිමාන්ඩ් බාරයට පත් කළේය.