
(රංජිත් රාජපක්ෂ)
වතුකරයේ වැඩ කරන ජනතාවට මෙන්ම වැඩ නොකරන ජනතාවටද නිවාස ලබාදීමේ ව්‍යපෘතිය ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍යය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
මහ මැතිවරණය සඳහා නුවරඑලිය දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ යටතේ තරග කරන ලංකා කම්කරු කොන්ග්‍රසයේ අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීම සඳහා අද (26) හැටන් ඩි.කේ.ඩබ්ලිව් සංස්කෘතික ශාලාවේ පැවති රැස්වීමකට සහභාගි වෙමින් අගමැතිවරයා මේ බව පැවසීය.
දිවන්ගත ආරුමුගන් තොණ්ඩමන් මහතා වතුකරයේ ජනතාවගේ යටිතල පහසුකම් නංවාලීමට රැගෙන ආ ව්‍යපෘති සියල්ලම ඔහුගේ පුත් ජීවන් තොණ්ඩමන් මගින් සිදු කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
මෙම අවස්ථාවට හිටපු අමාත්‍ය ජී.එල්.පිරිස් , හිටපු රාජ්‍ය අමාත්‍ය නුවරඑලිය දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂක සී.බී.රත්නායක, ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම් ජීවන් තොණ්ඩමන් මහතාද සහභාගි විය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චීනෙන් ණයට අරගෙන ගෙවල් හදලා අන්තිමට ඡන්දෙන් දිනලා රටේ අපිව ණය කාරයෝ වේවිද දන්නේ නැහැ.
දෙපාරක් ජනාධිපති වෙලා දෙන්න බැරි වුනා.
වතුකරයේ ඡන්ද ටිකත් හරි එහෙනම්.
දෙමල ජනතාව රැවටෙන්නේ නැහැ. මෙයාට ඒ කාලේ ඕවා දෙන්න තිබුනානේ.
කොහොමද දන්නේ නැහැ දෙන්ඩ හිතාගෙන ඉන්නේ. ඡන්දෙ කිට්ටු වෙනකොට තමා ඔක්කොම මතක් වෙන්නේ? අනේ මෙහෙමත් රැවටිල්ලක්.
ඔය කතාව කී දෙනෙක් ඡන්ද කට උඩ තියාගෙන කියන්න ඇත්ද. ඡන්දයකදි පොරොන්දු දෙනකොට සාම්ප්‍රදායික පොරොන්දු ක්‍රමය තවදුරටත් වලංගු නැහැ. වලංගු නම් ඡන්ද දායකයෝ ගැන කනගාටුයි.
දැන්නං නානව ඈ. දැන්නං වෙලාවකට මේ අප්පච්චිමද නැත්තං වෙන කව්රුහරි අප්පච්චියෝ කෙනෙක්ද කියලා හිතෙනවා අප්පා.
පලවෙනි පින්තුරයෙන් පැහැදිලිවම පේනවා කොරෝනා දුරස්ථභාවය යකාට යද්දෙන් කියා. මෙවැනි විදියට හැසිරීමෙන් ඔවුන් ජනතාවට දෙන ආදර්ශය කුමක්දැයි, මගේ ආච්චි ප්‍රශ්නකරනවා.
තවත් ලස්සන කතන්දරයක් කියන්නකෝ.
දැන් ඔයාලා අවුරුදු කීයක් බලේ හිටියද? දැන්ද හැමෝටම ගෙවල් දෙන්න මතක් උනේ? අපේ මෝඩයෝ ඉන්නකන් හොඳයි ඕවා විස්වාස කරලා කතිර ගහන.
දැන් අවුරුදු 11ක් මෙයා ජනාධිපති වෙලා ඉද්දි ඇයි මේවා නොකළේ.?
රුපියල් 1000 දීලා ඉවරයි, දැන් ඔක්කොටෝම ගෙවල්, වතුකරයම මේ පාර රවටයි වගේ.
ඔය සුරංගනා කතාවල් අහලා වතුකරයේ ජනතාවට පුරුදුයි.
මොන විකාරද? මේවා කොයි කාලේ ඉඳලා කියනවද? රැවටෙන්න එපා...
මෙන්න තවත් ඡන්ද ගුණ්ඩුවක්... ඕවා ඉතින් කාටත් තේරෙනවා.
තොණ්ඩමන්ලා මොනවද මෙච්චරකල් කරලා තියෙන්නේ? කෝ ගෙවල් වතු ජනතාවට? අපේ අගමැතිතුමා දන්නේ නැහැ ඒක... ඒකනේ ජීවන්ට දුන්නේ... හිනා යනවානේ මේ ජෝක් කතාවලට... දැන් සැපද? වතු ජනතාවට...
කට ඇරියොත් කියන්නේ පචම තමයි...
අංකල් ඔයා දැන් රිටයර් වෙන්න...