(සුජිත් හේවාජුලිගේ)
මැති ඇමතිවරුන් කිහිප දෙනෙකු අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට බාරදී ඇති වත්කම් බැරකම් ප්‍රකාශවල වැරදි නිවැරදි කරගෙන ඇතැයි වාර්තාවේ.
ඔවුන් මෙම වැරදි නිවැරදි කරගෙන ඇත්තේ කොමිෂන් සභාවට ලිපි සහ දිවුරුම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමෙනි.
මේ සම්බන්ධයෙන් කරුණු දක්වන අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසුවේ වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමේදී තමා අතින් වරදක් සිදුවූ යැයි පිළිගන්නා බවයි.
එය වංචාවක් නොවන බවත් පැහැදිලිවම අතපසුවීමක් බවත් ඔහු සඳහන් කළේය.
තමා ඒ අඩුපාඩුව නිවැරදි කළ බව පැවසූ අමාත්‍යවරයා අධිකරණ ඇමැති වුණත් තමා මනුස්සයෙකු බවද ප්‍රකාශ කළේය.
වත්කම් බැරකම් පුරවන ලේඛනය සංකීර්ණ එකක් බවත් තොරතුරු පිරවීමේදී ඕනෑම කෙනෙකුට වරදින බවත් නානායක්කාර මහතා පැවසීය.
එසේම තවත් මැති ඇමැතිවරුන් පිරිසක් වත්කම් බැරකම් ප්‍රකාශවල වැරදි නිවැරදි කිරීමට සූදානම් වෙමින් සිටින බව එම කොමිෂන් සභා ආරංචි මාර්ග වලින් දැනගන්නට ඇත.
මැති ඇමතිවරුන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශවල ඇති වැරදි සම්බන්ධයෙන් සමාජයේ පසුගිය දිනවල දැඩි කතාබහක් මතු විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගම්මන්පිලලා, චාමරලා මාලිමා පාපිසිවල කලිසම් ඔලුවෙන් ගැලෙව්වාට පස්සේ වෙන මොනවා කරන්නද ඉතින්..?
ඕනෙකමින්ම සිදුකරන වැරැදිත් තියෙනවනේ. කිතුලේ ගිය මිනිහගේ කතාව වගේ...
ගම්මන්පිල චාමර කියන දේ තාමත් විශ්වාස කරනවා කියන්නේ මිනිස්සු වෙන්න බෑ.