
(විමුක්ති එස් රුද්‍රිගු)
දූෂණ විරෝධී පනතේ විධිවිධානයන්ට අනුකූලව ලබාදී ඇති වත්කම් බැරකම් ප්‍රකාශයේ සඳහන් තමන්ගේ සහ තම පවුලේ සියලුම වත්කම් උපයා ඇත්තේ නීත්‍යානුකූලව, ආදායම් උපයාගත් ආකාරය පිළිබඳව සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් අවශ්‍ය ඕනෑම අයෙකුට ඒ පිළිබඳව නිසි ක්‍රියාපටිපාටිය අනුගමනය කරමින් පැමිණිල්ලක් ඉදිරිපත් කළ හැකි යැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අද ප්‍රකාශ කළේය.
එලෙස පැමිණිලි කරන ඕනෑම අයෙකුට තමන් වත්කම් උපයාගත් ආකාරය අන්තිම සතේට පැහැදිලි කිරීමට බැඳී සිටින බවද මහ බැංකු අධිපතිවරයා පැවැසුවේය.
තමන් මේ ආකාරයෙන්ම පසුගිය වසරේ මෙන්ම ඊට පෙරද මෙලෙස වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කර තිබෙන බවද ඔහු පැවැසුවේය.
තමන් දේශීය ආදායම් දෙපර්තමේන්තුවේ ආදායම් බදු ලිපි ගොනුවක් විවෘත කරනු ලැබුවේ මීට වසර 40 කට පෙර බවත් තමන් උපයා ඇති වත්කම්වලට අන්තිම සතේට ආදායම් බදු ගෙවා තිබෙන බවත් ඔහු ප්‍රකාශ කළේය.
තමාට පමණක් නොව මහ බැංකුවේ සේවය කරන ඕනෑම නිලධාරියකුට චර්යා ධර්ම සංග්‍රහයක් තිබෙන බවත් තමන් සහ සිය පවුලේ සාමාජිකයන් ආයෝජනය කර ඇත්තේ එම චර්යා ධර්ම සංග්‍රහයට අනුකූලව බවත් මහ බැංකු අධිපතිවරයා පැවැසුවේය. තමන් එම චර්යා ධර්ම සංග්‍රහය කිසිම විටකත් උල්ලංඝනය කර නොමැති බවත් නමුත් ඕනෑම අයෙකුට තමන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශය ගැන හෝ බදු ලිපිගොනුව පිළිබඳ ප්‍රශ්න තිබේ නම් පැමිණිලි කළ හැකි බවත් ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න ඔහොමයි තමන්ගේ වත්කම් ප්‍රමාණය විස්තර කල යුත්තේ..පාන් ලෙස නොවෙයි
ඔන්න උත්තර. බොරුද ඇත්තද කියල මම දන්නෑ. හැබැයි උත්තරේ නියමයි.
එතුමා ඉතා ඉහල උගතෙක් නිසාත්, ධනවත් රටක කාලයක් සේවය කිරීමෙන් ධනයක් උපයා ඇති නිසාත්, රට වෙනුවෙන් කල මෙහෙවර නිසාත් අප නම් කිසි දිනක ඒ මහතාගේ අවංකත්වය පරීක්ෂා කරන්නට යන්නේ නැත.
ඔබතුමා පිළිබඳව නම් මා ඇතුළුව රටේ බහුතර ජනතාවට කිසි ප්‍රශ්නයක් නෑ. රට අසීරු අඩියක සිටියදී භාරදුර වගකීමක් කරට ගෙන රට ගොඩ දැමුව ඔබතුමා, අවංක දක්ෂ හා කැපවීමෙන් ක්‍රියාකරන රටට ලැදි නිලධාරියෙකු බව දනිමු. රටවැසියා ගෙන් චෝදනා එල්ල වන්නේ ඔබතුමාට නොව, මන්ද මානසික, ජාන විකෘතියක් ඇති, බොරුකාර JVP මැති ඇමති හැත්ත වෙතයි. ඔවුන්ගේ වැරදි වත්කම් ප්‍රකාශයන් ගැනයි. ඔබතුමාට දීර්ඝායුෂ හා නිරෝගී සම්පත්තිය හා තව දුරටත් රටට සේවය කිරීමට ශක්තිය හා දීරිය ලැබේවා යයි ප්‍රාර්ථනා කරමු.
කුහකයන්ට හොඳ උත්තරයක්!! ආදයම නීතියට එකඟව ලබාගත් හොඳ මහත්මයෙක්!! තෙරුවන් සරණයි.
නීත්‍යානුකූලව උපයා සපයා ගත් වැටුප් , දෙපල, දෑවැදි ලෙස ලැබුණු වතුපිටි, රන් ආභරණ ආදිය නිසි ලෙස සම්පූර්ණයෙන්ම ආදායම් බදු දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරන්නේ අපේ රටේ කොතරම් සුළු සොච්චමක්ද? එවැනි අය රටටම ආදර්ශයක්. රැකියා දිවියට ඇතුළත් වන සෑම කෙනෙකුටම අනිවාර්යයෙන්ම ආදායම් ලිපි ගොනුව බැගින් විවෘත කර, මාසිකව ඔහු උපයන මුදලින් ආදායම් බදු මුදල් කොටස කපා ගන්නා ක්‍රමයක් සාර්ථකව ස්ථාපිත කල යුතුය. දැන් තිබෙන ක්‍රමයෙ හිඩැස් බොහොමයක් තිබේ. ඒවා වසා දැමීම දෙපාර්ශවයටම වාසිදායක වේ ...