
(සුජිත් හේවාජුලිගේ )
බණ්ඩාරවෙල ලියන්ගහවෙල කබරගල ප්‍රදේශයේ පස්කන්දක් කඩාවැටීමෙන් නිවාස දහයක් පමණ සම්පූර්ණයෙන්ම විනාශවී ඒවාට යටවූ පස් දෙනකු බේරාගෙන රෝහල් ගතකර ඇතැයි පොලිසිය පවසයි.
ඉන් සිවු දෙනකුගේ තත්වය බරපතළ බව වාර්තා වේ.
පස් කන්දට තවත් පිරිස් යට වී ඇත්දැයි සෙවීමට මෙහෙයුමක් ආරම්භ කර ඇතැයි පොලීසියේ නිලධාරියෙක් පැවැසීය.
හදිසියේ ඇති වූ ජල පහරක් සමග පස් කන්ද කඩා වැටී ඇතැයි කියති.
අනතුරට පත් ගම්වාසීන් බේරා ගැනීම සඳහා පොලිසියේ සහ හමුදාවේ නිලධාරීහු පිරිසක් පත්‍රය මුද්‍රණයට යන විටත් ඒ ප්‍රදේශයට ගමන් කරමින් සිටියහ.
ලියන්ගහවෙල පොලීසියේ නිලධාරීහු පරීක්ෂණ මෙහෙයවති.
(ඡායාරූප: සමන් පාලිත නානායක්කාර)


2025 දෙසැම්බර් මස 18
619
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
299
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1100
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වතු නිවාස දහයක් පස් කන්දකට යටවේ