
(අජන්ත කුමාර අගලකඩ)
වතු කම්කරුවන් සඳහා අයවැයෙන් යෝජිත රුපියල් දහසේ දෛනික වැටුප ලබාදීමට පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා කම්කරු ඇමති නිමල් සිරිපාල ද සිල්වා සහ වැවිලි ඇමති වෛද්‍ය රමේෂ් පතිරණ යන මහත්වරුන්ට අද (25) සවස පැවැති කැබිනට් රැස්වීමේදී උපදෙස් දී ඇත.
ඒ සම්බන්ධයෙන් මහා භාන්ඩාගාරය සමඟද සාකච්ඡා කර වතු කම්කරු වැටුප පෙරොන්දු වු පරිදි වැඩි කිරීමට පියවර ගන්නැයිද උපදෙස් දී ඇත.
මේ අතර ලෝක වෙළඳ පොළේ ඉන්ධන මිල වැඩිවීමක් සිදුව ඇතත් මෙරට ඉන්ධන මිල වැඩි නොකරන බව ජනාධිපතිවරයා කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත.
ලෝක වෙළඳ පොළේ ඉන්ධන මිල වැඩිවීමෙන් ඛණිජ තෙල් සංස්ථාවට වැඩි බලපෑමක් එල්ල වන්නේ නම් මහා භාන්ඩාගාරය සමඟ සාකච්ඡා කර ඉන්ධන බදු අඩු කිරීමට කටයුතු කරන්නැයිද ජනාධිපතිවරයා ඛණිජ තෙල් ඇමති උයද ගම්මන්පිල මහතාට උපදෙස් දී ඇත.
ලෝක වෙළඳ පොළේ බොර තෙල් බැරලයක මිල ඩොලර් 54ක් දක්වා ඉහළ ගොස් ඇති බැවින් ඉන්ධන මිල ගණන් සම්බන්ධයෙන් සමාලෝචනයක් කළ යුතුව ඇතැයි ගම්මන්පිළ මහතා කැබිනට් මණ්ඩලයට දන්වා තිබිණි.
මේ අතර දේශපාලන පළිගැනීම් මත යැයි කියමින් සිදුකරන්නට යන පොලිස් උසස්වීම් වහා නතර කරන්නැයි ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයේදී ප්‍රකාශ කර ඇත.
දේශපාලන පළිගැනීම් සඳහා සොයා බැලීම සඳහා පත් කරන ලද ජනාධිපති කොමිසමේ කොමිෂන් වාර්තාව පදනම් කර ගනිමින් පොලිසියේ උසස්වීම් ලබාදීමට යන බවට පැතිර යන ආරංචි හේතූවෙන් පොලිසිය තුළද යම් කැළබීමක් ඇතිවී තිබෙන බවට මහජන ආරක්‍ෂක ඇමති රියද් අද්මිරාල් සරත් වීරසේකර මහතා කැබිනට් රැස්වීමේදී කළ දැනුම්දීමක් සැළකිල්ලට ගනිමින් ජනාධිපතිවරයා මෙම ප්‍රකාශය කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උතුරෙන් ඉන්දියාව.... දකුණෙන් චීනා, බටහිරින් ඇමෙරිකාව, නැගෙනහිරින් රුසියාව... මේ හැම කෙනා එක්කම හොරෙන් හොරෙන් ගහපු ගිවිසුම් දැන් ටිකෙන් ටික එළියට එනවා. වැඩ බැරිවුණත් බොරු, චණ්ඩිපාට් තවම තියෙනවා. දැන් චණ්ඩියා බයවෙලා වගේ පෙනෙනවා. මාර්තු මාසේ ජිනීවාවල මානව හිමිකම් පිළිබඳ කොමිසම මේ පාර යාළුවාව බෙල්ලෙන්ම අල්ලගන්නයි බලාගෙන ඉන්නේ...
ඔහේගේ උපදෙස් කවුරුත් දැන් ගණන් ගන්නේ නැහැ. ඔහේ නිකන් බාල්දු වෙනවා විතරයි.
ජනාධිපතිවරණේ දිනුවට පස්සේ ඉඳලා 1000 ගානේ දීලා දැන් ලොකු ගාණක් ලැබෙනවැති වතුකම්කරුවන්ට...
ඔබතුමාට පුළුවන් නම් ඒ දේ කරලා පෙන්නන්න. නමට රුපියල් 1000ක් නොවෙයි. ඇත්තටම වතු කම්කරුවෙක්ගේ අතට දවසට රුපියල් 1000ක් ලබාදෙන්න. අන්න එදාට මමත් පිළිගන්නම් සර් ෆේල් නැහැ කියලා...
ළඟදී ලෝක වෙළඳ පොලේ මිල අඩුවුණා. එතකොට මිල අඩුකළාද? ලාබය ඕනෑතරම් ඇති. මේවා ජනතාව පිළිගනීවිද?
එහෙම 1000 ගානේ ගෙවන්න වතුවලට ආදායමක් තියෙන්න ඕනේ. ලෝකේ තත්වේ හැටියට එහෙම පුළුවන්ද වත්ත වතුකම්කරුවන්ට දෙන්න තමයි වෙන්නේ.. දැන් මෙයා කියෙව්වාට...
තවත් ඡන්ද ප්‍රතිඵලයක්... අයියෝ නන්දසේන ගැසට් එකක් ගැහුවොත් නරකද?
කිසිම දැක්මක් නැහැ. ඔය 1000 දෙන්න ඔයාගේ අයියත් උපදෙස් දුන්නා. ඔක්කොම නියම නළුවෝ. හොඳට රඟපානවා.
දුන්න ඡන්ද පොරොන්දුව මත ඔබතුමා පත්වූ දවසේ සිටම බලාත්මක වන පරිදි ගෙවන්න ගැසට් එක ගහන්න. ජිනීවා වලට සරත් වීරසේකරය යවන්න එදා වගේ උත්තර දෙන්න බයවෙලා දැන් වතුකම්කරුවන් සිහිවෙලා ඒකටත් අවුරුද්දක් ගියානේ...
මේ දෙන උපදෙස් ඔක්කොම ක්‍රියාත්මක වුණා නම් අපේ රට දැනටමත් සුරපුරයක්...