
(යොහාන් භාසුර)
වාණිජ කෘෂිකර්මාන්ත විනාශ නොකර සිදුවූ වැරැද්ද වහාම නිවැරදි කරගත යුතු යැයි කර්මාන්ත අමාත්‍ය, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා අද (28) පැවසීය.
රටේ වාණිජ කෘෂිකර්මාන්තය සමඟ සෙල්ලම් කිරීම නොකළ යුතු බවත් වාණිජ කෘෂිකර්මාන්තය බිඳවැටුණ හොත් ආහාර සුරක්‍ෂිතාව බිඳ වැටෙන බවත් අමාත්‍යවරයා කීය.
කෘෂිකර්මාන්තය පිළිබඳ ප්‍රශ්නය ඉතාම සංවේදී එකක් බව කී අමාත්‍ය විමල් විරවංශ මහතා පොහොරවල හෝ මොනයම් ප්‍රශ්නයක් තියෙනවා නම් ඒකට උත්තර සෙවිය යුත්තේ කෘෂිකර්මාන්ත කඩා බිඳවැටෙන ආකාරයට නොවන බව ද සඳහන් කළේය.
කාබනික පොහොර ප්‍රවර්ධන කිරීමේ ගැටලුවක් නොමැති මෙන්ම ගොවියාව ගොවිතැනින් පළවා හරින්න ඉඩ දිය නොහැකි බවත් මුළුමහත් මිනිස්සුනගේ බඩගින්නත් සමඟ ආහාර සුරක්‍ෂිතතාව ගැටගැහී තිබීම නිසා වාහාම නිවැරදි නොවුණ හොත් රට මහා විශාල ඛේදවාචයකට මුහුණ දෙන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
සිදුවූ අඩුපාඩුව හඳුනාගෙන දැන්වත් එය නිවැරදි කළ යුතු බවත් ඉන්දියාවේ මෝදි අග්‍රාමාත්‍යතුමා ගෙනාපු පනත් දෙකක් ගෙවියන්ගේ විරෝධතා නිසා හකුලා ගැනීම අභිමානයට කැළලක් නොවන බවත් අමාත්‍යවරයා කීය.
වාණිජ කෘෂිකර්මාන්තය බිඳ වැටීමට තුඩුදුන් හේතු වාහාම නිවැරදි කරන්න කළ යුතු බව කී අමාත්‍යවරයා පැවසුවේ වැරැද්ද නිවරදිකරගන්න ලැජ්ජ නොවිය යුතු මෙන්ම වැරැද්ද තව දුරටත් නිවැදි කියලා හිතා තව දුරටත් අපේ වාණිජ කෘෂිකර්මාන්තයත් එක්ක සෙල්ලම් කිරීම පිළිබඳව ලැජ්ජ වියයුතු බවත්ය.
පොහොර සාහනාධාරයට ලබාදීමට වැයවන මුදලට වඩා වැඩි මුදලක් ගොවීන්ට වන්දි ගෙවීමට වැය වන බව කී අමාත්‍යවරයා සඳහන් කළේ වැඩි මුදල් දැන් ගොවියන්ට වන්දි හැටියට දැන් ගෙවන්න වෙනවා. එතැනිම පේනවනේ කරගත්තු වැරැද්දේ තරම. ඒක නොවෙයි කරන්න ඕන ගොවියගේ ජීවිතයත් එක්ක කෘෂිකර්මාන්තයත් එක්ක අපිට සෙල්ලම් කරන්න බෑ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොහොර ප්‍රශ්නය මේ ආණ්ඩුව අනාගත්තා... ප්‍රජාතන්ත්‍රවාදය අනුව ගොවියාට කාබනික හෝ රසායනික පොහොර තෝරාගැනීමේ අයිතිය දිය යුතුයි. කාබනික වගාවට, රසායනික පොහොර වගාවට වඩා දිරිදීමනා ආධාර ලබාදිය යුතුයි. කාබනික වගාව නිකී මාකට් එකක්... ඒ නිසා ඒවායේ අස්වැන්න වැඩිමිලකට ගොවියාට විකුණාගත හැකියි. ඔලමොට්ටල දේශපාලඥයින් හා රජයේ ඉහළ නිලධාරීන් කිහිපදෙනෙක් ඩොලර් හිඟයට පිළියමක් ලෙස අනිවාර්ය කාබනික වගාවක් හඳුන්වා දුන්නා. ඇත්තටම තිබුණේ විදේශ ශ්‍රමිකයින්ට ඩොලර් එකට රුපියල් 250ක් දීලා ඩොලර් ගෙන්වාගෙන, එම ඩොලර් පොහොර ආනයනයට යොදා ගැනීම...
ඔය කියන වානිජ කෘෂිකර්මය සහ ආහාර සුරක්ෂිතතාවය දැනටමත් බිදවැටිලා ඉවරයි. අදූරදර්ශී ක්‍රියාවක ප්‍රතිඵල. කාබනික ගොවිතැන කිසිම රටක 100%ක් කරන්න බෑ. ඒ වගේම ඒක මේ බිම්මල් පිපෙනවා වගේ දවසකින් දෙකකින් කරන්නත් බෑ. මේකට දීර්ඝ කාලීන සැලසුම් තියෙන්න ඕන. මැති ඇමති වරුන්ගේ අදහස් වලට විතරක් වැඩ කරන්න ගියාම වෙන්නේ මේක තමයි. පලපුරුදු ගොවීන්ගෙන්, කෘෂි විද්වතුන්ගෙන් අදහස් අරගෙන ක්‍රමවත් වැඩ පිලිවෙලකට මේක කරන්න.
අශ්වයා පැනලා ගියාට පස්සෙනේ දොර වහන්න යන්නේ?
අනේ විමල් හැම පනතටම අත උස්සලා එළියට ඇවිත් බොරු සටන් පාඨවලින් ජනතාව තවදුරටත් රවට්ටන්න බැහැ. ඔබතුමා නඩත්තු කරන්න වියදම් කරපු ජනතා මුදලින් කිරි ගවයින් ටිකක් නඩත්තු කළා නම් අද ලොකු ප්‍රතිලාභ ටිකක් රටට ගන්න තිබ්බා.
වාණිජ කෘෂිකර්මාන්තය වගේම හෝ ඊටත් වඩා වැදගත් ග්‍රාමීය කෘෂිකර්මාන්තයට සිදු වූ විනාශය අපමණයි. දැන් කෝචිචිය ගිහින් බොහෝදුර...
ඔය ගමනම පැහැදිලිකර දෙන්නකෝ...! ගම්මිරිස් ප්‍රතිඅපනයනය කිරීමෙන් ඒ කර්මාන්තයට වෙච්චි පාඩුව ගැණත්...!
සහන මල්ලක් දෙන්නයි මෙතුමා එන්නේ... දැන් සැපද? අපි තමයි හොඳටම කරලා තියෙන්නේ...
රටම විනාශ කරන්න රෙදිත් උස්සලා දැන් මොන කෘෂිකර්මාන්ත ගැන කියන කතාද හලෝ..?
සාටකයාගේ කරේ එල්ලිලා ගොඩගියදා පටන් තමුන් කරපු දේවල් ගැනත් අපි නොදන්නවා නෙවෙයි. අමුතුවෙන් විනාශ කරන්න දෙයක් නැහැ. දූෂිත දේශපාලුවන්ගේ ඔල මොට්ටල වැඩ හින්දා රටට වෙච්චි විනාසේ හොඳටම ඇති...