
(බී. ජී. චතුරංග)
පවුල් ආරවුලක් දුරදිග යාම හේතුවෙන්, සැමියා විසින් බිරිඳ සූක්ෂම ලෙස රවටා අනුරාධපුර කොරකහවැව ප්‍රදේශයේ පිහිටි රක්ෂිතයක් තුළට කැඳවාගෙන ගොස්, තියුණු ආයුධයකින් පහර දී බරපතල තුවාල සිදු කර බිරිඳ ඝාතනය කර ඇත.
අනතුරුව ඔහු ද එම පිහියෙන්ම ඇනගෙන තුවාල සිදු කරගෙන ඇති බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.
මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අනුරාධපුර උලුක්කුලම ප්‍රදේශයේ පදිංචි අශෝකා කුමාරි රඹුක්වැල්ල නැමැති 59 හැවිරිදි තිදරු මවකි.
සැකකාර සැමියා බිරිඳ සමඟ යතුරුපැදියකින් කොරකහවැව රක්ෂිතය වෙත ගොස් ඇති අතර, එහිදී මෙම පිහි ඇනීම සිදු කර ඇති බව පොලිසිය සඳහන් කළේය.
වෘත්තියෙන් වඩු කාර්මිකයකු වන මෙම සැකකාර සැමියා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර, ඔහු අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලිසිය සඳහන් කරයි.
මෙම මරණය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමට නියමිතව තිබූ අතර, ඉන් අනතුරුව අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීම සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත රැගෙන යාමට නියමිතව තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd