
(සුජිත් හේවාජුලිගේ)
වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සම්බන්ධයෙන් විස්තර වාර්තා එවන්නැයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අධිකරණය, ජාතික පොලිස් කොමිෂන් සභාව, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ඇතුළු ආයතන කිහිපයකට දැනුම්දි ඇත.
ඔහුට එරෙහිව චෝදනා ඇත්දැයි පිරික්සීම එහි අරමුණ බව පාර්ලිමේන්තු ප්‍රකාශකයෙක් පැවසීය.
මේ අතර මීළඟ පොලිස්පති ධූරය සඳහා ජනාධිපතිවරයා විසින් නිර්දේශ කෙරුණු වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නාමය සලකා බැලීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (12) සවස 1.30 ට රැස්වීමට නියමිතය.
ජනාධිපතිවරයාගේ නිර්දේශය සලකා බැලීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පසුගිය 7 වැනිදා රැස්වූ නමුත් එහිදී අවසාන තීරණයක් ගැනීමට නොහැකි විය.
නෙරපා හැරීමේ යෝජනාව පාර්ලිමේන්තුවේදී සම්මත වීමෙන් පසුව පොලිස්පති දේශබන්ධු දෙන්නකෝන් මහතා ජනාධිපතිවරයා විසින් එම ධූරයෙන් පසුගියදා නෙරපා හරිනු ලැබීය
ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට යෝජනා කර ඇත්තේ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නම පමණක් බව දැනගන්නට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔවු අර "ජෝන් වේන් " රගපාන බටහිර ගොපලු චිත්‍රපට වල තුවක්කුවක් තිබෙන එකා අනිත් එකට වෙඩි තියල මරල දමන එක සාමාන්‍ය දෙයක් , ලංකාවත් දැන් එම චිත්‍රපටියක් වගේ ,
තනතුරු යනු අනතුරු - මුලින් ආඩම්බරකම උතුරනවා, අනතුරුව විඳවනවා. හක්, හක්, හා.....
එතකොට ඔය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කියන අටමගලය දේශබන්දුව පත් කෙරුවෙත් ඔය කියන ආයාතන වල රෙකමදෝරු අරගෙන හොදට හොයලා බලලා වෙන්න ඇති ?