(ඩයනා උදයංගනී)
මැතිවරණයකදී අපේක්‍ෂකයන් වියදම් කරන මුදල් ප්‍රමාණය සීමා කිරීම සඳහා වන නීතිය ඇතුළත් ‘මැතිවරණ වියදම් පාලනය කිරීම සඳහා විධිවිධාන සැලැස්වීමේ පනත් කෙටුම්පත’ රජයේ ගැසට් පත්‍රයේ පළකිරීමට සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්‍ෂ මහතා පැවසීය.
මෙම පනත අනුව යම් අපේක්‍ෂකයකුට වියදම් කළ හැකි මුදල තීරණය කරන්නේ මැතිවරණ කොමිෂන් සභාව බවත්, යම් අපේක්‍ෂකයකු එය ඉක්මවා වියදම් කර ජයග්‍රහණය කළහොත් එම මන්ත්‍රීධූරය අහිමි කිරීමට මැතිවරණ කොමිසමට බලය හිමිවන බවත් ඇමතිවරයා සඳහන් කළේය.
ඇමතිවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (22) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවදද මන්ත්‍රීලා මැතිවරණවලට වියදම් කලේ? සියලු වියදම් වටේ ඉන්න මුදලාලිලාගෙන්. ඕක පුස් වෙඩිල්ලක් ඇමතිතුමා
ඇති යන්තම්. . එක මොලේ ඇති පනතක් ගෙනාව.. සල්ලි වලට දෙපැත්තට පනින උන්ට මන්ත්‍රිකම අහිමි කරන්න පනතක් ගෙන්න බැරිද?..
එතකොට ඇමතිතුමා මැතිවරණය සදහා තරග කරන්න වෙන්නෙ දිස්ත්‍රික් පදනම යටතේ තමයි .එහෙම වුනාම ආසන මට්ටමෙන් කාර්‍යාල තියන්න පුළුවන් නේද .එහෙම කාර්‍යාල තිබ්බොත් ඒවායේ කාර්‍ය මණ්ඩලය විසින් වියදම් කිරීම කරන්න පුළුවන් .ඒවාට මොකද කරන්නෙ. ඒ සමගම ස්වාධීන කණ්ඩායම් කීපයක් යොදාගෙන එම කාර්‍යාල වල අයටත් වියදම් කරන්න පුළුවන් නේද .ඒවා පනතින් ආවරණය වෙන්නෙ කොහොමද? උදාහරණයක් ලෙසට කිව්වොත් කෙනෙක් ඔහුගේ අයියට ,මල්ලිලාට අක්කා නංගි අයටත් ලැයිස්තු ඉදිරිපත් කරන්න කියලා කටයුතු කලොත් ඒවා ආවරණය වෙන්නෙ නැහැ නේද?එහෙම කරලා ඔවුන් වියදම් කරාවි චන්දය සහෝදරයාට ලැබේවි
නීති වෘතියටත් නීතියක් ගෙන එන්න. ලංකාවේ අහිංසක දුප්පත් මිනිසුන් සුරගෙන දසක ගණන් නඩු පවත්වාගෙන යාම කෙතරම් සුදුසුද ?
නියමයි...