(ඉන්දිකා රාමනායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

අහුංගල්ල හෝටලය ඉදිරිපිට  දී  ඉකුත් (12) දින සිදු  කළ වෙඩි තැබීමට වෙඩි තැබීමට ටී 56 වර්ගයේ ගිනිඅවියක් ලබා දුන්  යුද හමුදා මාණ්ඩලික සැරයන්වරයකු කිලිනොච්චි යුද හමුදා  කඳවුරකදී ඊයේ (16)  පස්වරුවේ අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු 2 කමාන්ඩෝ   රෙජිමේන්තුවට අයත්  41 හැවිරිදි  පුද්ගලයකු බවද විශේෂ කාර්ය බලකාය පවසයි.

යුද හමුදාවට අයත් ටී-56 - 2612651 දරණ  ටී-56 ගිනි අවිය සැකකරු   විසින ලබා දී ඇති බවද  විශේෂ කාර්ය බලකාය පවසයි.

මේ අතර මෙම ඝාතනය සිද්ධියට ආධාර  අනුබල ලබා දුන්  තවත් සැකකරුවෙන් ඊයේ මීගතැන්න ප්‍රදේශයේ දී අත්අඩංගුවට  ගෙන ඇත.