(එම් .සුසිල් ප්‍රියන්ත)
ඌරගස්මංහන්දිය තේවත්ත ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් මරුමුවට පත්වූ පුද්ගලයාට කොව්ඩ්-19 ආසාදනයවූ බවට අද (4) තහවුරුවූ බව ඌරගස්මංහන්දිය පොලීසිය කියයි.
මේ වෙඩි තැබිම ඉකුත් 2 වැනිදා රාත්‍රීයේදී සිදුවූ බවත් එයින් මිය ගොස් ඇත්තේ ඌරගස්මංහන්දිය තේවත්ත ප්‍රදේශයේ පදිංචි දිලුක සදරුවන් විජේරත්න නමැති තිස් හැවිරිදි එක්දරු පියෙකු බවද පොලීසිය කියයි.
වෙඩි වැදීමෙන් පසු මේ පුද්ගලයා ඇල්පිටිය රෝහලට රැගෙන ආ බවත් එහිදී ඔහු මිය යාමෙන් පසු ඊයේ(3) සිදු කළ පී.සී.ආර්.පරීක්ෂණයෙන් ඔහු අසාදිතයෙක් බව අද (4) තහවුරුවූ බවත් පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න මේ තත්වය ගැන නම් විමර්ශනය කළ යුතුයි. දියේ ගිලිලා මැරුණත්, වෙඩි තියලා මැරුණත් කොවිඩ් පොසිටිව්. ඒක කොහොමද වෙන්නේ?