
(කේ බුද්ධික කුමාරසිරි සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
පොලිස් විශේෂ කාර්ය බළකායේ නිළධාරීන් පිරිසක් සමග වෙඩි හුවමාරැවක යෙදුණු සංවිධානාත්මක අපරාධකරුවෙකු වන "කොට සුපුන්" නැමැති හිටපු කමාන්ඩෝ බලකා සෙබළකුට වෙඩි වැදී බරපතල තත්වයෙන් පාදුක්ක දිසා රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි හංවැල්ල පොලිසිය පවසයි.
යම්කිසි සංවිධානාත්මක අපරාධ කල්ලියක් විශේෂ අපරාධයක් සැළසුම් කරමින් සිටින බවට පොලිස් විශේෂ කාර්ය බළකායේ බුද්ධි කොට්ඨාසයට ලද තොරතුරක් අනුව එම බළකායේ නිළධාරීන් තිස් දෙනකු පමණ පාදුක්ක පින්නවල ප්‍රදේශයේ අතහැර දමා තිබූ නිවසක් වැටලීම සිදු කර ඇත.
එහිදී පොලිස් විශේෂ කාර්ය බළකායේ නිළධාරීන් අදාල ස්ථානයට ලගාවන විටම එම නිවස දෙසින් වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇති අතර ඒ අවස්ථාවේදී විශේෂ කාර්ය බළකා නිළධාරීන් ද ප්‍රතිප්‍රහාර එල්ල කර ඇති බවත් එහිදී ටී 81 වර්ගයේ ගිනි අවියක් අතැතිව සිටි එක් අයකු වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලබා සිටියදී තවත් අයකු පිස්තෝල වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබමින් පලා ගොස් ඇති බවත් ද අනතුරුව වෙඩි වැදී බරපතල තත්වයේ සිටි පුද්ගලයා පාදුක්ක දිසා රෝහලට ඇතුලත් කළ ද ඒ වන විටත් මියගොස් සිට ඇතැයි ද සිදු කල මූලික විමර්ශණයේදී අනාවරණය වූ බවද පොලිසිය පවසයි.
----------------------------------------------------------------------------------
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
තලංගම ප්‍රදේශයේ දී ඉකුත් 25 සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි හිටපු කමාන්ඩෝ සෙබළා පොලිස් විශේෂ කාර්ය කාර්ය බලකායේ නිලධාරීන් කණ්ඩායමක් සමග හංවැල්ල ප්‍රදේශයේ දී ඇතිවූ ගැටුමකදී වෙඩි කා මියගිය බව විශේෂ කාර්ය බලකායේ කියයි.
ඔහු සමග සිටි තවත් දෙදෙනකු පැනගොස් ඇතැයි පොලිසිය කියයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුරුන් විසින් හෝ කුමන ආකාරයකින් හෝ කුලියට මිනීමරන අපරාධකාරයින් එකෙක් නොහැර ඉවර කරලා දාන එක සමාජයට කරන ලොකුම ලොකු යහපතක්...
අවි ගත්තෝ අවියෙන්ම නසිති !
කමාන්ඩෝ සෙබළා ජෝන් රැම්බෝ වගේ වැඩ පෙන්නලා නෑනේ...!