IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


වෙඩි වැදුනු හිටපු ප්‍රා.මන්ත්‍රී මරුට

(ගයාන් සූරියආරච්චි, බුද්ධික කුමාරසිරි, බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

මීගොඩ ප්‍රදේශයේ අද (12) දහවල් වෙඩිතැබීමකින් හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු තුවාල ලබා රෝහල් ගත කරන අතර තුර මියගොස් ඇතැයි පොලීසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ හෝමගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී ශාන්ත මුදුන්කොටුව නමැති 47 හැවිරිදි පුද්ගලයෙක්.

පොදුජන එක්සත් පෙරමුණෙ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු  හෝමාගම ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයකු වූ ඔහු පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් සර්වජන බලය පක්ෂයෙන් මැතිවරණට ඉදිරිපත් වුව ද ඔහු තේරි පත් වූයේ නැත.

හිටපු මන්ත්‍රිවරයා යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී සුදු පැහැති මෝටර් රථයකින් ආ පිරිසක් මෙම වෙඩි තැබීම සිදු කර පළා ගොස් ඇත.


 

 

මීගොඩ ප්‍රදේශයේ අද (12) දහවල් වෙඩිතැබීමකින් හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව පොලීසිය පවසයි.

වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා අත්තේ හෝමගම ප්‍රාදේශීය සභා හිටපු මන්ත්‍රී ශාන්ත මුදුන්කොටුව මහතායි.

සුදු පැහැති මෝටර් රථයකින් පැමිණි පුද්ගලයකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලිසිය පවසයි.

මෙම වෙඩි තැබීම මීගොඩ ආර්ථික මධ්‍යස්ථානය අසලදී පස්වරු 1.00 ට පමණ සිදුව ඇත.



අදහස් (8)

වෙඩි වැදුනු හිටපු ප්‍රා.මන්ත්‍රී මරුට

Bunny Preena Tuesday, 12 August 2025 02:26 PM

මොනවා බෙදා ගන්න බැරුව මරා ගන්නවද දන්නේ නැහැ.

:       2       29

අරවින්ද මොණරවිල Tuesday, 12 August 2025 02:53 PM

පාතාලයට සම්බන්ධ දේශපාලකයන් කවුරුන්දැයි දැන් පැහැදිලිවෙමින් තියෙනවා.

:       13       37

ගුණරත්න Tuesday, 12 August 2025 03:03 PM

තාම බංකු ටික හදල නැහැ වගේ. මොකද දන්නේ නැහැ මෙච්චර පරක්කු?

:       0       3

Chathuri Tuesday, 12 August 2025 04:09 PM

අපරාදෙ. මන්ත්‍රී වශ්‍රාම වැටුප ගන්න කට්ටිය පෙළපාලි යන්න හිටියේ. එක වැඩෙත් කල් යනවා. දැන් කියයි අනිත් කට්ටිය අපිට බයයි සිකුරිටි දෙන්නා කියලා. බය කට්ටිය තමයි පාතාලී කෙදු මුදලාලිලා ටික. අනිත් අයත් බලාගෙනයි. දැන් බලය නැති නිසා පාතාලයේ අයියලා ඉල්ලන දීමනා දෙන්නා බැහැනේ එහෙම. කියලා හරි යන්නෙත් නැහැ. ජනතාවගේ පිටින් දාලා ටිකක් අඩලා බලන්න. පාතාලය දියුණුවෙන් දියුණුවට පත් වෙන්න ඕනෑ. රටේ කුණු ටික අයින් කරලා දුන්නොත්.

:       16       7

Asela Tuesday, 12 August 2025 06:38 PM

දේශපාලනික වශයෙන් ප්‍රසිද්ධ හා කුප්‍රකට (සැමවිටම මෙන්) විහිළුකාර පොලිස්පතිවරයෙකු පවසන්නේ ඔහුගේ පත්වීම අතරතුර අපරාධ රැල්ලක් නොමැති බවයි. පාරේ තවත් වෙඩි තැබීමක් සිදු විය. NAB සහ CID වැඩකට නැති පැරණි දේශපාලනඥයන්ගේ විවිධ දේවල් පසුපස හඹා යාමේ කාර්යබහුලයි. අපි දේශපාලන කඳවුරුවල වහලුන් පමණයි. ලස්සන රටක් සහ පොහොසත් රටක් පිළිබඳ පොතක් දැන් රටකජු වෙළෙන්දා ළඟ තිබේ.

:       0       4

Perera Wednesday, 13 August 2025 06:12 AM

වෙඩි තියපු එවුන් දැන් අත්අඩංගුවේ නිසා, වෙඩි තියැපු හේතුව මොකද්ද කියලාඅපිට දැනගන්න ලැබේවි කියලා හිතනවා.

:       1       3

Nishan Wednesday, 13 August 2025 09:02 AM

ආණ්ඩුව විසින් පොලීසිය සහ සී.අයි.ඩී. එක යොදවලා තියෙන්නේ තමුන්ගේ දේශපාලන විරුද්ධවාදීන් සහ සමාජ මාධ්‍යය වල ලියන අයව මර්ධනය කරන්න මිසක් සමාජගත තුවක්කු කරුවන් මර්ධනය කරන්න නෙවෙයි. ආන්ඩුවේ නායකයෝ තමුන්ගේ ආරක්ෂාව උපරිමෙන් තර කරගෙන සුවසේ ඉන්නවා අනෙකුත් පක්ෂවල අය සහ අහිංසක මිනිස්සු දවස ගානේ මැරි මැරී යනවා.

:       6       8

සමන් - ඕමානය Wednesday, 13 August 2025 01:59 PM

අයියෝ, ඔච්චර කල් හිටියා වගේ ඔහොම ඉන්නකෝ, තව පෝය දෙකයි! එතකොට ඔක්කොම ඉවරයි. එතකං බංකු පුටු ලෑස්ති කරගෙන ඉන්න.!!!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 687 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 448 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site